සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, September 30, 2017

ධර්ම යුද්ධය




බුදු හාමුදුරුවනේ ,
දේව දත්තලාට සපොට්කරන 
වජ්ජිපුත්තක භික්ෂුන් 
පිඩු සිගා වදිනවා ............
ගැබුරු බුදු දහම අහලකින්වත්  
තියන්න බැරි දේවල් වලින් 
ආචාර්ය උපාධි ගහල 
නමේ මුලට මාහාචාර්ය කියල 
අටවාගෙන  ඉන්න 
සුභාද්‍රලා අභද්‍ර  වචන කියනවා 
මාධ්‍ය වලට ඇවිත් ......
අපි කෝච්චිවල බස්වල 
එල්ලිලා ගිහින් 
අහගන්නවා දුක නැති කිරීමේ මග ගැන 
මැදුම් පිළිවෙත ගැන 
අපට කියනවා ඒ බන 
මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් 
පැමිණෙන .................
සංජය බෙල්ලටිපුත්තලා ,මක්කලි ගොසාලලා 
ඔබ වහන්සේ සත්‍ය සොයායන 
කාලය වගේ දබදිව 
අයෙත් අවොත් මතක් වේවි 
ඒ අතීතය 
පොඩි වෙනසක් වෙලා 
පොඩ්ඩක් මොඩ් වෙලා ....
හොයා ගන්න බැහැ 
බේතකටවත් මහා කාශ්‍යප 
හිමිනමක් .......................

No comments:

Post a Comment