සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, February 18, 2018

ගණිතය පමණක් ඉගැන්නුවේ නැති අපේ ගුරු තුමා

      

1990 වර්ෂයේ රටේ එවකට පැවති වාතාවරනය හොද මට්ටමක නොතිබීමත් ,අපට අද්‍යාපනය හොදින් නොලැබීමත හේතු කොට ගෙන අපගේ අද්‍යාපනය අඩපන වී තිබුනා .අප ගණිත ඉතා දුරවල මට්ටමක පැවතුනා .මේ කාලයේදී අපේ පන්තියට තරුණ ගුරු මහතෙක් පැමිණියා .සුන්දරව කතා කරන ඉතා ව්‍යක්තව සිංහල බස හසුරුවන ඒ තරුණ ගුරුතුමා අපිට පොඩි වෙනසක් ඇතිකළා.එක පොඩි වෙනසක් වුනාට දිගු මාවතක යෝධ ගමනක් වුනා එක අද අපි ලබනවා රටත් ලබනවා . .ගණිතය කලාත්මක හෝ සෞන්දර්ය නැහැ .නමුත් එතුමා ගණිතයට එය එක් කළා .ඉතා සුන්දර කතාවක් කියාලා අපිට හිතා ගන්නවත් බැරි විදියට අපේ සිත ගණිතයට ඇද බැද තබන්න අපේ අලුත් සර් සමත්වුනා.කොහොම හරි එපා වුන ගණිතය අපිට ඕන වුනා .අපි සර් එනකන් බලාගෙන හිටියා.අපේ පන්තියේ අයගේ සම්පුර්ණ නම් කියා සර් කතා කරන විදිය හරිම සුන්දරයි.යුෂ්මතා ,තමා සිංහල දැනුමත් සර් අපිට ලබා දුන්නා .ගණිත තේරුම් ගන්න හොදට සිංහල ඉගෙන ගත යුතයි කියල මට තේරුනේ අපේ සර්ගෙන් .මේ ගුරතුමාගේ ගණිතය ඉගැන්වීමේ දක්ෂතාවය කෙතරම්ද කියලා කියනවනම් ඉංග්‍රීසි ,සංගීතය වැනි විෂයයන් උනන්දුවෙන් ඉගෙන්නිම නොකරපු අපේ පන්තියේ 39 වෙනියා වුන , ගණිතයට පමණක් ලකුණු 100-90 අතර ගනිපු අපේ යාලුවෙන් ඉංජිනේරු පීඨයට ඇතුල් වුනා .මිනිහා අද ලොකු තැනක ඉන්නවා .අපිට හමුවුණ කොහි මොහොතක හෝ පාසල ගැන කතා කලොත් අපේ සරත් කරුණා රත්න ගුරුතුමා ගැන කතා නොකර ඉන්න බැහැ .
ඔන්න එක දවසක් මගේ ගණිත පොත ඇතුලේ මම ලියපු නිසදැස් කවියක් තිබුනා .එක ලියලා තිබුනේ උතුරේ යුධ වදින ගමේ න්  ගියපු සෙබළෙකුට .සර් එක අගය කළා මට පුදුම සතුටක් දැනුනා .තව ලියන්න සර් දිරි දුන්නා.සර්ගේ උපමා කතා හරිම සුන්දරයි.ජිවිතයට වැදගත් .මම ගණිත විනෝදය පොත කියෙව්වා පසු කලෙක එත කොට මට සර් මතක්වුනා .
ඔහොම කාලය ගෙවී ගියා 1998 අවුරුද්දේ එකතරා සැන්දෑවක් මම රුහුණු සේවයට සවන්දුන්නා මට හුරු කට හඩක් ඇසුනා .ඒ අපේ ගණිත ගුරු තුමාගේ හඩ "මල්මල් වාරම් "ළමා වැඩසටහන .කොහොම හරි මටත් එහි නිවේදකයෙක් වෙන්න සර් නිසා හැකිවුනා .මට ගණිත විෂය විතරක් නෙමෙයි නිවේදන වෘත්තියත් සර් ඉගැන්නුවා .ගොඩක් පින් ආදරණිය ගුරුතුමනි.එතනින් ස්වාධින රුපවාහිනියේ ලහිරු මඩල දක්වා යන්න මට පර කැපුනා .මේ සමගම මා පද්මිණි කාරනයක මහත්මියටත් තුති පුදනවා .මගේ මාධ්‍ය ගුරුවරු.අදත් අපට කඩමන්ඩි යෙදී මහ පාරේදී කොහේදී දැක්කත් දන නමල වදින්න පුලුවන් අපේ ගුර්වරුන්ට .දැන් නම් සියල්ල වෙනස් වෙලා ඒ වෙනස්කම් හොද පැත්තට වෙලා නැහැ .කොහොම වුනත් අපේ ගුරු වරු අපිට වටිනවා .ඉංජිනේරුවෙක් ,නිවේදකයෙක් වෙන්න පාර කියලා දුන්න අපේ සරත් කරුණාරත්න ගුරුතුමාට දිර්ගායුෂ පතනවා .බුදුසරණයි ගුරුතුමනි !

6 comments:

  1. පලවෙනි වතාවට බ්ලොග් එකට ගොඩවුනේ... follow කරා...

    ReplyDelete
    Replies
    1. .ගොඩක් ස්තුතියි සහෝදරයා අදහස් දැක්වීමට .

      Delete
  2. ඒ තමයි ගුරුදෙවිවරු....එදත් හිටිය අදත් ඉන්නවා. හෙටත් ඉදීවි

    ReplyDelete
  3. කියවා බලා අදහස් දැක්වීම් ලොකු සතුටක් ගොඩක් ස්තුතියි .

    ReplyDelete
  4. දුරත් දැකලා ගණිත පාඩම ළමුන්හට නම් හරි හතී
    ඉරත් පායා නැගෙන සේ ඔහු ඉගැන්වුම් කරනට ඇතී
    අදත් ඒ ගුණ සිසුන්ගේ සිත පුරා මතකයෙ රැව් දෙතී
    සරත් කරුණාරත්න වැනි ගුරු පියානන් හට දෙමි තුතී....

    ජයවේවා!!!

    ReplyDelete
  5. හරිම ලස්සනයි දුමින්ද සහෝදරයා පද බැදුම ,මට හිතා ගන්න බැහැ ගීතවත් ඔබගේ කවි සිත .ගොඩක් තුති පුදමි ලියු පද පෙලට .

    ReplyDelete