සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, June 20, 2010

ඉල් මහේ එක් දිනක
සැමරුමක් ඇති තැනක
නුබව සිහිකරනනට
පියනගිමි නිබද මම.......
ගෙදර මැද බිත්තියේ
සිනාසෙයි නුබ තවම
අම්මාගේ දැමු මල් දමක් ඇත
අදුරු රුදු භිෂනේ
පැයූ හිරු වී ය නුබ
මටත් නංගිටත් නොව
සැමට එළියක් ගෙනෙන
පායන්ට පෙර නිවුන
හිරු මඩල නුබයි මට.......
නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට......

Saturday, June 19, 2010

.....මධ්‍යම පාන්තිකයාගේ මුලුතැන් කවිය...............

දුම් මැස්ස ගසා ගෙන
කොස් අටු කොස් කල
පරන වලං ඇති
මැස්ස ඉවත් කල
අම්මා සමග සිටි
යල් පිනු අපේ මහ ගෙදර
කුස්සියට පැමින
නවීරනය ලබා දුන්
ගෑස් සිලින්ඩරය.......

දිනෙන් දින ඉහල ගොස්
ජීවන වියදමත් සමග වැඩි වු
මගේ ද බිරිද ගේද පඩියට බරක් වු
ආන්ඩුවට අපලව බැන්නවු
පැන්ට්‍රිය සමග නවීන කුස්සියේ
බිරිද සමග එකට සිටි
මිල නිසා ගල් තුනේ ලිප
යලි කැන්දු
ගෑස් සිලින්ඩරය...