සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, June 28, 2016

කාලා කරුවා




ප්‍රශක්තී නොකියවන 
වන්දිභට්ටිකම් නොකරන 
දිලිදුකම පීඩනය
ගසා සූරා කෑම
වoචාව දූෂණය
මිනිසුන්ට ලියාදෙන
කියාදෙන මිනිසා 
දුප්පතෙකි සැමදාම ...................
රජුන් හට ගී ගයන 
මැතියන්ට කවි ලියන
රෙදි නැතිව කඩේ යන
බුදුන්ටත් රජු අන්දන
රජා සක්විති කරන 
ජාන මෙහෙයුම් කරන
සැනකෙලියේ රස බලන
ජාතියට වින කරන .............................
වැඩියෙන්ම ණය ගිලින
පුoචි තිරයේ ඉදන්
අමුලික පච කෙලින
ඉතිහාසයේ හොරා කන 
කම්බ හොර තට්ටයින්
කාල කරුවන් නෙවද ? .................

Sunday, June 26, 2016

පත්තිනි.





මහත්තය රට ඉන්න ශ්‍රියානි අක්කා
අහවල් කොම්පැනියේ 
ඩිරෙක්ටර් ලොක්කා එක්ක
බාගේ නිවාඩු දමලා
අද ගියානෙව 
බලන්න බයිස්කොප් එකක්
ඒකේ නම "පත්තිනි"

Sunday, June 19, 2016

ප්‍රයිවට් ප්‍රැක්ටිස්


















සමරනායක දොස්තර මහත්තයා 
චැනල් වලමයි ඉන්නෙ ටවුමෙ තියන 
හැම වෙලාවෙම 
ඉස්පිරිතාලෙ නැතිනිසා 
අපි යන්නෙ චැනල්වලටමයි 
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
විද්‍යාව උගන්වන අරියරත්න මහත්තයා
උගන්වන වෙලාවෙ පාසලෙත් නැහැ
හන්දියෙ මඩුවෙ උගන්වනවා 
යන්නෙ හයිබ්‍රිඩ් එකකින් 
නෝපේත් ගිහින් අධ්‍යක්ෂ වුනා
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
M.L.T.සුමනසිරි උදේට එකතුකරපු 
ලේ සාම්පල් ටික ඉස්පිරිතාලෙන් කරලා
හවසට රිපොට් දෙනවා 
එනකොට  හොරෙන් රිජන්ට් හෙමත් ගේනවා 
බැලු වෙලවක් ඇත්නම් 
හන්දියෙ ලැබ් එකේ
ඒකත්  ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
ඉතිo අනේ 
පොලොසියෙ ලොක්කෙක් වෙච්ච
වාස් මහත්තයා ප්‍රයිවට් ප්‍රැක්ටිස්  නිසා
මහ උලු ගෙදර ගියා 
එතන නම් ප්‍රශ්නයක්............