සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, June 20, 2010

ඉල් මහේ එක් දිනක
සැමරුමක් ඇති තැනක
නුබව සිහිකරනනට
පියනගිමි නිබද මම.......
ගෙදර මැද බිත්තියේ
සිනාසෙයි නුබ තවම
අම්මාගේ දැමු මල් දමක් ඇත
අදුරු රුදු භිෂනේ
පැයූ හිරු වී ය නුබ
මටත් නංගිටත් නොව
සැමට එළියක් ගෙනෙන
පායන්ට පෙර නිවුන
හිරු මඩල නුබයි මට.......
නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට......