සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
ගුගුරුවා රුදු එලි වැටීගෙන
පුපුරවා ගිය අකුණු සැර එලි
නිවා දමමින් දසත දාහය
ඇති කලේ නිල් එලිය මිහිපිට
මල් පිපී සුවදින් දිලී ලොව
විහඟ මී බිගු බඹර කැල වෙත
රසැති මී විත සොයා දුන්නේ
කටුක බව නෙව මුලින් මතු වූ
කෙලෙස අමතක කරමි සිතකින්
ප්‍රේමයත් ඒ මැයි සිතේ මට
නොපෙනෙනා නොදකිනා සිත තුල
නොමැත වියැකී යන්නේ කිසිදා
මා සමග හිදිනාවූ ස්නේහය .....