සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, December 11, 2010

.....සැදැවත් කුල කාන්තාව......

සුදු පිරුවට අදිනා
හතර පොයටම පන්සල් යනෙනා
ඩෙවිට් සීයාගේ නිත්යානුකූල වුද
සයිමන් මුත්තාගේ
ගමේ රාලහාමිගේ
අනියම් වූද..........
ඒ දවස්වල එල කෑල්ලක් යයි
කඩේ සමන් අය්යා කියු
ලොකු හාමුදුරුවෝ බනට
බුදුන් සිහිකරනවිට
මහ හඩින් සාදුකාර දෙන
සමුපෙ පොලිමෙ රංඩු කරනා…………
පොල් අත්තට ගෙඩියට මර හඩ දෙන
පොලට ගිය විට බඩු හෙට්ටු කරනා
මහ ගෙදර ,ප්‍රවීනා නොවරදා බලන
ආන්ඩුවෙ ප්‍රවෘත්ති විශ්වාශ කරන
.........මහත්තයාට ච්න්දය දී
කඩෙට ගිය විට බඩු මිල අසා
අම්බානක බනින
ගමේ සියලු තොරතුරු දන්නා
සියලු රහස් හෙලිකරනා
දැනට අසුවිය සපුරන
ගොක් කොල සුදු කොඩි
බලමින් සිටින………
නිවන් යන්නට පහසු මං හොයන
මහ ඉඩමට පන මෙන් ආදරය කරන
මැරෙන්නට මර බය ඇති
සද්ගුනවත් සමකාමී
උපාසිකා මාතාව
දෝන කරලැයින් කුසුමාසන
උපාසකම්මා......