සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 25, 2017

පටු පාර......




කොලපාට රතු පාට එලි වැටෙන
 නුපේ ලග...............
පැයට සැරයක් වැසෙන රේල්ලුවේ
මග හදන ............
දෙපා මග නැගු බිම
සොදුරු සටහන් නිබද ...............
කාලයෙන් පසුපසට ගියා නුබ
සමග මම ................
එසයිමන්ට්  ප්‍රැක්ටිකල් ලියන
පොත් පෙරලවන
පුස්තකාලයේ පත් ඉරු අතර
නොලියවුන ................

දෙදෙනෙකුගේ සිත් අතර සදා
නොමැකි ලියුන ..........
ප්‍රේමයක් තිබුණාය
අපට පමණක් උරුම ..
අල්පෙනෙති හඩක් නැති
නිසංසල විදු බිමක
නුබේ හුස්ම හඩ දැනුන
එදවසක සොදුරු බව
තාම මට සිහි කරයි.
නුපේ වෙල පටු පාර...............

Sunday, November 12, 2017

ප්‍රතිපත්ති ගරුක හොරකම









  





හොරු හොරකම් කරනා විට
උන්වහන්සේ සිටියෝය නැගී.........
එවිටම බලය උදෙසා
තවත් හොරු රැලක්
එක පෙලට  ගත්තේය
උන්වහන්සේ සමගම .............
රැවටුනි  හුදී ජනයා නැවතත්
දෙපසට පනිති හොරු තවමත්
සැමරුම් පිළිම මැද
පවසති හොරු රැල අපට
ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බව
අනේ හිමියනේ
අපවත්වන ලියා තිබුනාද පොතක්වත්
හොරකම් කරන හැටි
ප්‍රතිපත්ති ගරුකව ..........