සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, February 13, 2023

මටත් තිබුනා ප්‍රේමයක්



එහෙම දිනයක් අසාවත් නැති 

හැමදාම ආදරෙන් සිටි අපි 

කිසිදු අහිතක් තුන් හිතක නැති 

අපේ ප්‍රේමය සොදුරු වෙන්නැති .........


වියෝගය ගැන අසා නැතිදා 

දැනුම පත් ඉරු තුලම රන්දා 

කෙලි කවට සිනහාම  රන්දා 

නික්මෙතැයි තුන් හිත නොරන්දා 


අමාවක කළුවර උදාවී 

එකදු තරුවක් මග නෙපෙන්වී 

සියලු පැතුමන් ගියත් පාවී 

තවම සිත ඇත නුබට යාවි .......