සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 25, 2017

පටු පාර......




කොලපාට රතු පාට එලි වැටෙන
 නුපේ ලග...............
පැයට සැරයක් වැසෙන රේල්ලුවේ
මග හදන ............
දෙපා මග නැගු බිම
සොදුරු සටහන් නිබද ...............
කාලයෙන් පසුපසට ගියා නුබ
සමග මම ................
එසයිමන්ට්  ප්‍රැක්ටිකල් ලියන
පොත් පෙරලවන
පුස්තකාලයේ පත් ඉරු අතර
නොලියවුන ................

දෙදෙනෙකුගේ සිත් අතර සදා
නොමැකි ලියුන ..........
ප්‍රේමයක් තිබුණාය
අපට පමණක් උරුම ..
අල්පෙනෙති හඩක් නැති
නිසංසල විදු බිමක
නුබේ හුස්ම හඩ දැනුන
එදවසක සොදුරු බව
තාම මට සිහි කරයි.
නුපේ වෙල පටු පාර...............

Sunday, November 12, 2017

ප්‍රතිපත්ති ගරුක හොරකම









  





හොරු හොරකම් කරනා විට
උන්වහන්සේ සිටියෝය නැගී.........
එවිටම බලය උදෙසා
තවත් හොරු රැලක්
එක පෙලට  ගත්තේය
උන්වහන්සේ සමගම .............
රැවටුනි  හුදී ජනයා නැවතත්
දෙපසට පනිති හොරු තවමත්
සැමරුම් පිළිම මැද
පවසති හොරු රැල අපට
ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බව
අනේ හිමියනේ
අපවත්වන ලියා තිබුනාද පොතක්වත්
හොරකම් කරන හැටි
ප්‍රතිපත්ති ගරුකව ..........

Sunday, October 22, 2017

වමනය

මඩාටුගම දුවේ...........
නුබේ අම්මාට පාසල් යන්නට ඉඩ නොදුන්
තාත්තා අවුරුදු දෙකකට පාසල් යැවු
නුබ කුස ගින්නේ පාසල් යැවු
නුබේ කුල ගෞරවය වැනසූ
1948 සිට එන
මේ තට්ටු මාරු හවුල් හොර නඩය
නුබත් විකුණන හැටි
දුටුවාම
වමනය යන්නේ අපටය .........

Saturday, September 30, 2017

ධර්ම යුද්ධය




බුදු හාමුදුරුවනේ ,
දේව දත්තලාට සපොට්කරන 
වජ්ජිපුත්තක භික්ෂුන් 
පිඩු සිගා වදිනවා ............
ගැබුරු බුදු දහම අහලකින්වත්  
තියන්න බැරි දේවල් වලින් 
ආචාර්ය උපාධි ගහල 
නමේ මුලට මාහාචාර්ය කියල 
අටවාගෙන  ඉන්න 
සුභාද්‍රලා අභද්‍ර  වචන කියනවා 
මාධ්‍ය වලට ඇවිත් ......
අපි කෝච්චිවල බස්වල 
එල්ලිලා ගිහින් 
අහගන්නවා දුක නැති කිරීමේ මග ගැන 
මැදුම් පිළිවෙත ගැන 
අපට කියනවා ඒ බන 
මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් 
පැමිණෙන .................
සංජය බෙල්ලටිපුත්තලා ,මක්කලි ගොසාලලා 
ඔබ වහන්සේ සත්‍ය සොයායන 
කාලය වගේ දබදිව 
අයෙත් අවොත් මතක් වේවි 
ඒ අතීතය 
පොඩි වෙනසක් වෙලා 
පොඩ්ඩක් මොඩ් වෙලා ....
හොයා ගන්න බැහැ 
බේතකටවත් මහා කාශ්‍යප 
හිමිනමක් .......................

Sunday, July 23, 2017

එක කාසියේ දෙපස















71 ඝාතන ගැන 88 උන් කියවයි 
88 ඝාතන ගැන 71 උන් කියවයි
දෙගොල්ල දෙපසට වී ගෙන 
පිඩිත අපි පෙලා මාරා 
දෙපසට උන් ලකුණු ගනී.................... 
පෙලෙන  අපේ මෝඩ දනා 
එක කාසියේ දෙපස බලයි 
උඩ දමමින් අගය සොයයි 
70 වසරක් ගත වී 
ඇල දොළ ගස් විනාශ වී 
දෙපසට වී එක ගොල්ලක් 
රට ගෙනයයි 
අපායකට .......................

Friday, July 21, 2017

වෘකයෝ නැගිටලා

වෙනුර අය්යේ ,
අර වෘකයෝ රෑන
සිල් රෙදි පසෙකා ලා
දඩයම පටන් අරගෙන
දැන් ගොරවගෙන එනවා
නුබේ ගිය මග යන්නට දහසකුත්
පියවර එසවිලා
ලහිරු , සුගතානන්ද හිමි , ෆයිසාන් අහමඩ්
කුඩු කර සැනසෙනවා
රයන් බිල්ලට ගන්න හැදුවා
නිස්මිලා ,රන්ජිදම්ලා ,ත්‍රිමා ලා
දස දහසක් මල් වගේ පිපේවි
මට හිතෙනවා
ඔව් මම පතනවා
අම්මා එනවා එක ලොකු හය්යක් ............

Saturday, June 24, 2017

ගොළු හදවත

දයාබර දම්මි,
ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට
හමුවුනේ නැහැ......
කැම්පස් එකේ හතර අවුරුද්දේ
අහලකටවත් ආවේ නැති ඔයා
ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ
මම දැක්කා
බිව්වේ නැතුවම් මම
හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින්
මං තරහ නැහැ
මිට......
සුගත් 

Thursday, May 18, 2017

ප්‍රමිතිය

ප්‍රමිතියක් නැති
දොස්තරලා
කොන් දොස්තරලා
ඩයිවර්ල ...............
ගොඩනැගිලි
බෙහෙත් ....................
අධ්‍යාපනය ....ප්‍රවාහනය .....සෞඛ්‍යය
තමන්ගේ පාලනයට
ප්‍රමිතියක් නැති පාලකයින්
පත්කර ගෙන
ජීවිතයේම ප්‍රමිතියක්
නැති කරගන්නා
මිනිසුන්ගේ රට .......... 

Friday, March 17, 2017

ගුරුතුමාගේ වැහි මතකය

ඔව්
අතීතයේ එක ලස්සන දවසක කැම්පස් පාරේ එක කුඩයක් යට
 අපිගිය හැටි මට සිහියට එනවා
මේ මල් වැසි වැටෙනා හැම මෙහොතේම
ඒ මල් පාරේ ලෙක්චර් නිම වී
අලුත් පෙම්වතුන් යනෙනා දුටුවිට
සිව් රිය සක තුල පාළුව එනවා
නුබ ගැන සිහි වී
බොද මී දුම් මැද ............................
නුබ වැනි මා වැනි තවත් චරිත මැද
දහසක් මැද තනි දේශන දෙන සද
දිවිල්ගනේ කියූ බෙලිහුල් ඔය ගැන
මට සිහි වෙනවා
මල් සියොතුන් මැද .........
කෙලෙස කියන්නද
යලි හමු වෙන්නද
ආයේ මුලට ගොස් නැවතුන තැන සිට
බලා සිටිනවා මගේ තනි යටි සිත
මැදිවිය නික්මී යයි අප පසුකර .......
අප දෙදෙනා යලි ගිය හොත්  මේ මග
ඔවුන් කියනු ඇත
සරුත් බැද ඇත ..............

Friday, March 10, 2017

ඉතිහාස පොත


අසුවේ වර්ජනයට අහුවෙලා 
තාත්තා අම්පාරට මාරු කලවිට 
අපේ තනියට ගෙදර ආපු........
මාතරට අස්ස්කෝච්චි ආපු හැටි 
හැත්ත එකේ චේගුවේරා කාරයෝ 
රට අල්ලන්න ආපු හැටි 
සටිපට්ටනෙයි තව බන පොතුයි 
අපිට අල්ලන නොදී 
ඒ කතා විතරක් කියූ .....................
කිරිමැටිමුල්ලේ දිස්පෙන්සරියට 
පානුයි සිනි යි කවා ගෙන 
පණු බෙහෙත් බොන්නට 
සෙනසුරාදා උදේ රැගෙන ගිය 
බිඩී වැඩ පොළ ලග ගෙදරකින් 
වතුර ඉල්ලා දුන් ....
නංගි අඩනකොට 
ටික දුරක් වඩා ගෙන ගොස් 
බිමින් තියා හති ඇරපු 
ඕලෙවල් ප්‍රතිඑල අසා 
මා නලල සිබ සතුටු වූ 
කවරදාකවත් අමතක නොවන 
ඉතිහාස පොත 
ආත්තම්මා ..............................

Saturday, February 4, 2017

පෙබරවාරි 4 වෙනිදා


මෝඩකම් අමනකම්
බූරු වැඩ වලින් යුත්
බඩ ගැන හිතලා
කල පාව දීම්
සියල්ල මැදින්
සුද්දා  බන්දේසියේ තියල දුන්න
අපට නැති උන්ට ගත්ත
සුරාකන්න
පාලනය  කරන්න
විකුනන්න
නැවිලා වැදලා ගනිපු
සමරනවා හොරු රැල
අතිමහත් උත්කර්ශවත් අන්දමින්
අපිවත් අන්දමින්

Monday, January 23, 2017

උලුක්කුලමේ පුංචි මතකය















වෙඩි හඩ මැදින් 
දුම්රොටු පුළුටු ගදින්
වැසි පැවතුන ඒ අතීතයේ 
උලුක්කුලම මැටි පාරේ 
අපේ  ගෙදර ලග වැට  මායිමේ 
මා සොයා ආ පුංචි දේවිකා 
ඔයා කොහේද ගියේ 
රෝස පාට තට්ට බෝනික්කා 
කෝම්පිට්ටු පොල්කටු 
තාම මතකයි හීනයක් වගේ 
ඔයා ආවා මගේ යාළුවේ 
යුද්දේ දරුණු වුන නිසා 
අම්මා තාත්ත එක්ක 
මං ගියා අනුරපුරට 
මාළු විකුනපු ඔයාගේ තාත්තා 
කොටි මරුවලු ..
ඔයත් මැරුණා කොටි අතින් 
හිත අඩනවා තාම මගේ 
සුදු පරවියෝ පියාබන 
කොවුල් හඩ නගන 
දෙදාස් පහළොවේ බක් මාසේ 
මම අවා උලුක්කුලමට ...........
ඔයා හිටිය නෑ 
කාටවත් මතක නෑ අනේ ඔයාව 
මට මතකයි තාම 
සමුද්‍රා අක්කා ඇඩුව මම අදුනගෙන 
අනේ ඔයා හිටියානම් මට ................

Saturday, January 21, 2017

අතීත කාල සැමරුම



තෙල් ඩිංගක් මතුරපු 
මොහොට්ටි සීයාද 
හයහමාරේ ප්‍රවෘත්ති අහපු 
වඩු මුත්තාද ................
වන්ගුවේ බුලත් ඒදන ගිමාර අක්කාද 
නිහඩව පර බලනා හින්නි මහතාද 
කඩේ බඩු කිරනා ඩිංගි මහතාද 
තුන්මුල්ලේ රෙදි මහපු හිච්චි මහතාද 
ගතේ අමාරුවට බෙහෙත් දෙන වේද මහතා ද 
හිතේ අමාරුවක් වුනෝත් 
බෙහෙත් දෙන බාල මහතාද 
කොන්ඩෙ කපන සිප්පු අය්යා ද 
රේස් කඩේ රත්නේ මහතා නැති 
නවීකරනය කෙමෙන් ගිල ගන්නා 
බට තුබේ හන්දිය ................

Thursday, January 19, 2017

සයිටම් විලාපය














වෙනුර අය්යේ ,
මේ අය නැගිට්ටේ පරක්කුවෙලා
අසමගියේන්  ,අවිස්වාශයෙ න්
ඇස්  නිලංකාර කරගෙන
සිවිල් සමාජයේ පොර හීන
බැලුවා ...............................
වැඩේ වැරදෙන බව දැක්කාම
ඔයාලා මතක් වුනා .....
ටච් පොන්,ෆේස්බුක් ලෝකයේ
මංමුලා වුන කට්ටියට
බඩේ පාර වදිනවා දැනුනහම
කොමන් රූම් වල කැන්ටින් වල
මුල්ලට දමල තිබුන
ත්‍රිමලා ,වෙනුරලා ,මතක් වුනා
අලුතෙන් ප්‍රේම් ගහල විදුරු
දමන්න මතක් වුනා
දැන් වැඩේ අනාගෙන නානවා
නුබලා හෙලු ලේ කදුළු
නොතිබෙන්න ඇපත් නැහැ .............

Sunday, January 1, 2017

වනන්තරේ නිරන්තරේ ............



කලේ කපනකොට නිදියපු බලධාරියොයි
කපන්න සපොට්කරපු දෙසපාලුවොයි
උන්ට කතිරේ ගහපු මෝඩ මහා ජනතාවයි
කැලේ කපන්නේ තම්බියද ,දෙමළද ,සින්හලයද
හොයා හොයා ඉන්න ජාතිවාදී හොරුයි !
විල්පත්තුව ,සිංහරාජය ,කුමන ,වස්ගමුව
අහලවත් නැති නගරේ ඉන්න හාල් පාරුවොයි
අවංකව කැලේ  කපනවට විරුද්ධ
මිනිස්සුයි !
ඔක්කොම පිටකරන කාබන් ඩයොක්සයිඩ්
උරාගෙන ඔක්සිජන් බෙදා දෙනවා
වනාන්තරය........................