තෙල් ඩිංගක් මතුරපු
මොහොට්ටි සීයාද
හයහමාරේ ප්‍රවෘත්ති අහපු
වඩු මුත්තාද ................
වන්ගුවේ බුලත් ඒදන ගිමාර අක්කාද
නිහඩව පර බලනා හින්නි මහතාද
කඩේ බඩු කිරනා ඩිංගි මහතාද
තුන්මුල්ලේ රෙදි මහපු හිච්චි මහතාද
ගතේ අමාරුවට බෙහෙත් දෙන වේද මහතා ද
හිතේ අමාරුවක් වුනෝත්
බෙහෙත් දෙන බාල මහතාද
කොන්ඩෙ කපන සිප්පු අය්යා ද
රේස් කඩේ රත්නේ මහතා නැති
නවීකරනය කෙමෙන් ගිල ගන්නා
බට තුබේ හන්දිය ................
දැවී අව්වෙ හෙවනට ගස් වැල් නැත්තේ
ReplyDeleteගෙවී කාලෙ සංවර්ධන විය යුත්තේ
නොවී තැවුල් හැමදේ ඉවසිය යුත්තේ
නවීකරණෙ වෙද්දී ඔහොමයි තත්තේ......
ජයවේවා!!!
කවියෙන්ම ලැබෙන ප්‍රතිචාරය කෙතරම් සුන්දරද? ස්තුත්යි සොහොයුරනෙනි!
ReplyDeleteකවියට ලැදි පිරිස් තාමත් අප අතරේ ඉන්න එක සතුටට කරුණක්. නේද සහෝ...( නම දන්නේ නැහැනේ...)
Deleteජයවේවා!!!