හොද නොහොද ටික පවතිනා ලොව
ගලා යයි සැම ගග දිගේ
ගග නැවතුම සයුර සමගින්
මෝය කට මායිම් ඉමේ ......
වැස්ස වැස්සත් ගලා යයි දිය
ගගක් වෙතටම හැම දිනේ....
සියලු වස් දොස් දරා ගන්නම්
නොබැද ඉව්රක් ගං තෙරේ .....
සියලු දේ මා දරා ගන්නම්
සයුර ලෙස ලොව
හැම හැම දිනේ .........