සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, October 28, 2020

කවියෙක් ගැන කියවීමක් පැබ්ලෝ නෙරූඩා

රිකාඩෝ එලිසර් නෙෆ්ටාලේ රීස් බාසොල්ටෝ (1904 ජූලි 12 - 1973 සැප්තැම්බර් 23), ඔහුගේ පෑන නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ අතර පසුව නීතිමය නම 

පැබ්ලෝ නෙරූඩා ලෙසට වෙන්ස් කෙරිනි.1971 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන නෙරුඩාය . නෙරූඩා වයස අවුරුදු 13 දී කවියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, විවිධාකාර ශෛලීන්ගෙන් ලිවීය. ඔහුගේ විසි ආදර කාව්‍ය සංග්‍රහය සහ බලාපොරොත්තු සුන් වූ ගීතයක් (1924) වැනි හැඟීම්බර ආදර කවි.

    නෙරූඩා සිය ජීවිත කාලය තුළ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රික තනතුරු රාශියක් දැරූ අතර චිලී කොමියුනිස්ට් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු ලෙස ධුර කාලයක් සේවය කළේය. ජනාධිපති ගේබ්‍රියෙල් ගොන්සාලෙස් වීඩෙලා 1948 දී චිලියේ කොමියුනිස්ට්වාදය තහනම් කළ විට, නෙරූඩා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් විය. වරාය නගරයක් වන වල්පරැන්සෝහි නිවසක පහළම මාලය තුළ මිතුරන් ඔහුව මාස ගණනාවක් සඟවා තැබීය. පසුව නෙරුඩා මයිහූ විල අසල කඳුකරයක් හරහා ආර්ජන්ටිනාවට පලා ගියේය. වසර ගණනාවකට පසු, නෙරූඩා චිලියේ සමාජවාදී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේගේ සමීප උපදේශකයෙකු විය. නොබෙල් ත්‍යාග පිළිගැනීමේ කතාවෙන් පසු නෙරූඩා නැවත චිලීයට පැමිණි විට, ඇලෙන්ඩේ 70,000 කට පෙර එස්ටැඩියෝ නැෂනල් හි කියවීමට ඔහුට ආරාධනා කළේය. 

ඇලෙන්ඩේගේ රජය පෙරළා දැමූ ඔගස්ටෝ පිනෝචෙට්ගේ නායකත්වයෙන් යුත් කුමන්ත්‍රණය සිදු වූ අවස්ථාවේ 1973 සැප්තැම්බර් මාසයේදී නෙරූඩා පිළිකාවක් වැළඳී රෝහල් ගත කරනු ලැබුවද, දින කිහිපයකට පසු ඔහු ආපසු නිවසට පැමිණියේ වෛද්‍යවරයකු විසින් නාඳුනන ද්‍රව්‍යයක් එන්නත් කළ බවට සැක කිරීමෙන් පසුවය. පිනොචෙට්ගේ අණ පරිදි ඔහුව රහසිගත්ව ඝාතනය කිරීම සිදුවිය  . නෙරූඩා රෝහලෙන් පිටවී පැය කිහිපයකට පසු 1973 සැප්තැම්බර් 23 වන දින ඉස්ලා නෙග්‍රා හි පිහිටි සිය නිවසේදී මිය ගියේය. ඔහු හෘදයාබාධයකින් මියගිය බව බොහෝ කලක සිට වාර්තා වුවද, චිලී රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය 2015 දී නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේඛනයක් පිළිගෙන, නෙරූඩා ඝාතනයට ලක්වූ බවට “පැහැදිලිවම හා බොහෝ දුරට ඉඩ ඇති” බවට රජයේ නිල ස්ථාවරය සඳහන් කරයි. "තෙවන පාර්ශවයන්ගේ මැදිහත්වීම". කෙසේ වෙතත්, 2013 දී පවත්වන ලද ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් ඔහු වස පානය කර ඇති බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් පෙළෙන බවට නිගමනය කළේය. ත්‍රිවිධ හමුදාවේ කොටස්වල සහාය ඇතිව පිනෝචෙට්, නෙරූඩාගේ අවමංගල්‍යය ප්‍රසිද්ධ උත්සවයක් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ නමුත් ශෝකයට පත් චිලී ජාතිකයන් දහස් ගණනක් ඇඳිරි නීතියට අකීකරු වීදිවල ජනාකීර්ණ විය.නෙරූඩා බොහෝ විට චිලියේ ජාතික කවියා ලෙස සැලකෙන අතර ඔහුගේ කෘති ලොව පුරා ජනප්‍රිය හා බලපෑම් ඇති කර තිබේ. කොලොම්බියානු නවකතාකරුවා වන ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් වරක් ඔහුව “ඕනෑම භාෂාවක විසිවන සියවසේ ශ්‍රේෂ්තම කවියා” ලෙස හැඳින්වීය.

Saturday, October 3, 2020

අපුරු කවියා විප්ලවවාදියා සොයා

භූ ගත කවි සිත කවියෙකුගේ ජිවිත කතව සමග ලියවුන අගනා පොතක් ,1977 විවෘත්ත ආර්ථිකය පැමිණීමත් සමගම මේ රටේ ප්‍රාග්ධන විෂමතාවය නිසා ඇති වූ සමාජ ව්‍යසනය මෙයින් මනාව පිලිබිබු වෙයි ,මෙහි ප්‍රධාන චරිතය චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ බිම් මට්ටමේ ජිවත් වූ මානව හිතවාදී කවියාය .ළමා වියේදී මහන දම් පුරා පසුව ගිහි ජිවිතයට ඇතුල් වී තම  මව් සමග පවුලේ ජිවන බර කර ගැසීම නිසා ඇතිවූ ආර්ථික පහසුතා ගැන ලිවිය .එය මුළු සමාජයම ගිල ගත් අයුරු ඔහු ලිවිය ,කිසි විටෙක මේ සමාජයේ තමන්ට අඩන්තේට්ටම් කල කිසිවෙකුට වෛර නොකළේය .මේ සමාජය යහපත් කිරීමට නිවැරදි අධ්‍යපනයක් ලබන්නාවූ මිනිසුන්ට හෙතෙම ගරු කළේය .ඔහු ගැන අන්තර් ජලයේ එක තැනෙක මෙසේ ලියා තිබුණි ,




 අටේ පිටුවේ සිතුවිලි නුබේ දුටුවාම 

මිනිසෙක් මැවෙයි බොද වී මා නෙත ගාව 

දෑ කුල සිරිත් පලවා හැර  සිතු සේම 

මිනිසා නුබයි මා දුටු ඒ සිහිනෙම ........

බඩ රක්ෂා කරන්නට පවුලේ සැමගේ 

මුළු දිවියම පුරා නුබේ මව් කැප කෙරුවේ 

සරසවි ලගින් යන බස් රථයක් ඇතුලේ 

මනුසත් කමින් නුබේ හදවත මල් පිපුනේ ......

නැති බැරි කමට බස් වල කවි කියමින්නේ 

ඒ කවි පුවත් පත් වල නෙව අපි දුටුවේ 

කිවිවර රත්න ශ්‍රී කිව් පැවසූ ලෙස සැනිනේ 

මැස්කිම් ගෝර්කි නුබමයි මා සිත පතුලේ 




මැක්සිම් ගෝර්කි එදා රුසියානු භූමිය පුරා ඇවිද ගියේය. චන්ද්‍රකුමාර වික්‍රමරත්න ද අසූව දශකයේ අග භාගය තෙක් ම ලාංකේය මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.ඒ සිය මව්බිම ගිනි ගෙන දැවෙද්දී ය. සාධාරණ යුක්තිගරුක නිවහල් සමාජයක් ගොඩ නැංවීමේ අපේක්ෂාව ඔහුගේ ගමන් සගයා විය. අවසානයේ අහිමි විප්ලවය පාමුල ඔහු සියදිවි හානි කර ගත්තාද නොඑසේ නම් ඝාතකයින් හමුවේ අවසානය සනිටුහන් වූවා ද...? රත්න ශ්‍රී විජේසිංහ චන්ද්‍රකුමාර වික්‍රමරත්න හැඳින්වූයේ ලංකාවේ ගෝර්කි ලෙසය. මේ වැඩසටහන චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ අපුරු කවියා විප්ලවවාදියා සොයා යාමකි.



Thursday, October 1, 2020

බෝසත් මම

හොද නොහොද ටික පවතිනා  ලොව  

ගලා යයි සැම ගග දිගේ 

ගග නැවතුම  සයුර සමගින් 

මෝය කට මායිම්  ඉමේ  ......

වැස්ස වැස්සත් ගලා යයි දිය 

ගගක් වෙතටම හැම දිනේ.... 

සියලු වස් දොස් දරා ගන්නම් 

නොබැද ඉව්රක් ගං තෙරේ .....

සියලු දේ මා දරා ගන්නම් 

සයුර ලෙස ලොව 

හැම හැම දිනේ .........

Wednesday, September 30, 2020

රතු මලක් පුදනවා

වප් ගෙවී ඉල් මසට 

දින ගණන් කරනවා 

ඉල් මහේ මටම වූ  

සැමරුමක් තියෙනවා ....

හඩ නගා කෑ ගසා 

කියූ හඩ ඇසෙනවා ...

මහ පොලව පාලගෙන 

අංකුරය නැගෙනවා ....

නොමැකෙනා අතීතය 

මතකයට නැගෙනවා ...

සැමරුමක් ඇති තැනෙක 

රතු මලක් පුදනවා ............


Monday, September 28, 2020

මමත් අග මුල සොයනවා .....

කතා නොකරම හිදින විට සිත       
තවම කදුලින් තෙමෙනවා..... 
ජිවිතේ මුල මැද අගත් මගේ 
සෑම තැන නුබ ඉන්නවා ......
කෙලෙස පහදා දෙන්නේදෝ ඉම 
මමත් අග මුල සොයනවා .....
මොනවා කිව්වත් මගේ සිත තුල 
ආදරය තව තිබෙනවා....
කිලෝ මීටර් ගව් ගණන් දුර 
ගියපු මාවත් දෙස බලා .....
හිතේ තනිකම මකා ගන්නට 
නුබට කවියක් ලියවුනා  ......
මටත් නොදැනීම ලියු කවි පෙළ 
බොද වෙලා මැකිලා ගියා ......
ලග  නැතත් ආදරයේ පැතුමන් 
සිතේ  වෙන් වී පැවතුනා ....

Saturday, September 26, 2020

අම්මාගේ ආදරය වගේ


සැමරුම් කුළුණු බැද 
පරපුරකින් ඉදිරි 
ගැරහුම්  ලබා දෙන්නේ කිම 
අම්මේ,
අළු වැලලු තැන ගහක් සිටෙව්වා 
මිනිසුන්ට දෙන්නට සෙවන 
පිං සිදු වේවි අම්මාට ... ..
ඒ ගහ ඔක්සිජන්දේවි 
සියලු සත්වයින්ට 
අම්මාගේ ආදරය වගේ 
ලෝකයටම ............

Friday, August 14, 2020

තිබුනාලු ආදරය

 සද ගිළුණු අමාවක 

පිණි වැටුණ  එක රැක 

කදුළ සිහි කරදෙමින් 

සිහි කරයි නුබේ පෙම ........

පරණ පත් ඉරු අතර 

මුතු අකුරු බොද නොවුන 

ලියා ඇති පද දෙකක 

තිබුනාලු ආදරය .............

Thursday, August 13, 2020

ස්නේහය

 ගුගුරුවා රුදු එලි වැටීගෙන 
පුපුරවා ගිය අකුණු සැර එලි 
නිවා දමමින් දසත දාහය 
ඇති කලේ නිල් එලිය මිහිපිට 
මල් පිපී සුවදින් දිලී ලොව 
විහඟ මී බිගු බඹර කැල වෙත 
රසැති මී විත සොයා දුන්නේ 
කටුක බව නෙව මුලින් මතු වූ 
කෙලෙස අමතක කරමි සිතකින් 
ප්‍රේමයත් ඒ මැයි සිතේ මට 
නොපෙනෙනා නොදකිනා සිත තුල 
නොමැත වියැකී යන්නේ කිසිදා 
මා සමග හිදිනාවූ ස්නේහය .....


Saturday, August 1, 2020

අම්මා සහ දුව

(ගෙදරට එන යාළුවන්ට තමන්ගේ රෝගී මව පෙන්වා වැඩ කාරියක් යයි දුවෙක් කියයි .)


දැනගත් දිනේ නුබ ආ බව මගේ කුසට 
ලෝකය මගේ එක මග විය නුබ නිබද 
මෝරා එමින් අත පය වදිනා කලෙක 
ඒ දුක දරා සිටියා මම දරු පෙමට .....

එක්කොට දහස් පැතුමන් නුබ වෙත පැතුවා 
සිත් සතොසින්ම නුබේ දියුණුව මම හිතුවා 
මල් වැනි නුබේ මොළකැටි අත් පා අතගා 
මගේ මව් කෙසේදැයි මා හදුනා  බැලුවා ...

දින සති මාස අවුරුදු ගෙවිලා නොදැනා 
නුබ ලොකු ගැහනියකි මා පොඩි වූ සේයා 
ලෝකය දිනු නුබ මහ මේර ලෙස පෙනුනා 
මගේ ලෝකය නුබයි නුබ නොදැනම හිටියා 

නුබේ ලෝකයට මට එන්නට නොහැක දුවේ 
මගේ ලෝකයේ පියුමයි නුබ සැම දිනේ 
කිව්වත් මෙමා සේවකයා නුබ නිවසේ 
අහිතක් නොමැත කිසිදා  තුන් හිතක මගේ ......

Saturday, July 25, 2020

කෙසේ ලිම්ද පෙම් කවි .....

දරුවන්ට කන්න දෙන්නට පොර බදන
බැංකු ණය ගෙවන්නට කබුරන 
අම්මට බෙහෙත් හොයනට දුක් විදින 
කුඩු ගහන්නට සල්ලි හොයානා 
කුලියක් සොයමින් මග යනෙන 
ඉස්පිරිතාලයේ පෝලිමේ සිටින 
මහා ඉසුරු සොයමින් සිප් සොයා දිවෙනා 
ගහ කොළ වතුර විකුණා 
සියල්ල මොනර කොළ කරනා 
මිනිසුන් දුටු විට 
කෙසේ ලිම්ද පෙම් කවි .....
ලියමි ඒ දුක් විදින මිනිසුන් ගැන 
මම පෙම්වතෙක් නෙව 
ලොවටම  පෙම් කරන .....

Saturday, July 11, 2020

හිතාපන් මේ ඉසිබුවේ




උපන් දා සිට කරපු ගොන් කම්
මුළු රටට පල දී තිබේ
වසර 72ක් කල දේ
තමයි අප හට කෙළ වුනේ ............
නොවටිනා බොරු තරගයක් මැද
දරුවෝ ගුණ දම් වැලලුවේ
සතා ගහ කොළ තිබුණු මනු දම්
කාසි කොළ තුල දිය වුනේ ........
එකා සැමටත් සැම එකාටත්
හිටපු උන් නැත සැලකුවේ ........
නුබේ මිනියට කර ගහන්නට
 ගමේ බල්ලෙක් නැති වුනේ......
 අපිට වුන දේ නුබට වෙනවා
 හිතාපල්ලා දරුවනේ
                                                  මේ ක්‍රමය වෙනසක් කරන්නට
                                                  හිතාපන් මේ ඉසිබුවේ  ........

Saturday, July 4, 2020

අතීතය යලි පිබිදිලා

කෝහෙදෝ ගොස් සැගවිලා ගිය
අතීතය යලි පිබිදිලා
සිතට දඩුවම් කරන්නේ ඇයි
මට නොතේරේ මේ තරම්.........

පැරණි පත් ඉරු මත මැකී ගිය
කෙලි කවට සරදම් සිනා
අපට අහිමිව බොහෝ කල් ඇත
කාලයෙන් මැකිලා ගියා .......

මා නුබට දුන් හැර දමා ගිය
සෙනෙහෙ නෑ දැන් වියැකිලා
යලිත් පුබුදන්නට දුවේ නුබ
ඇයි ද  ආවේ හිනැහිලා ...........





Sunday, June 7, 2020

සෙනෙහෙ දෙව් දුව


මේ ලිපිය මට කියවන්න හම්බවුනේ 1999-2000 වර්ෂවලදී .ඒ දවස්වල මාධ්‍ය කටයුතු කරන කාලේ දිවයින පත්තරේ තිබුනා .එක ලියලා තිබුනේ ලීලානන්ද වික්‍රමසිංහ කියන මහත්මයෙක් .මේ  කථාව මගේ හිතට හොදින් කා වැදුනා .කොහේදෝ තැනක මම හොයන දෙයක් තිබිලා අහුවුනා වගේ දැනුනා .මම ඒ කථාවට පැදි පෙළක් ලිව්වා .කතාව කියවලා පැදි පෙළ බලන්න .
 

 

සරසවියෙන් පිට වුණාට පස්සේ මම ඉතාම ඈත පිටිසර ඉස්කෝලෙක ඉගැන්නුව. මම ඉස්කෝලෙ ඒ උගන්වන්න ගියේ ඉතා කැමැත්තෙන්. ඉස්කෝලෙට, වටපිටාවට එහි ඉගෙනගත් පුංචි උන්ට ආදරය කළා. ඒත් කාලෙ මගේ හිතේ තදින්ම ඇදුනෙ දෙයක් හින්ද.
"
මොකක්ද?”
ඒක දැඩි සංවේදි කතාවක්, ඇත්තම කිව්වොත් මම ඉස්සෙල්ලම මගේ හිතේ ආදරය කියන හැඟීමක් ඇති වුණේ කාලෙ.

අපි කැමැතියි ඒක අහන්න””
හැබැයි ඔය ගොල්ල හිතන ආදරයක් ගැන කතාවක් නෙවි ඒක. ටිකක් වෙලා අහගෙන ඉන්න කොට එපා වේවි.”
නෑ කියන්නකො අපි අහගෙන ඉන්නම්
ඉස්කෝලෙ තිබුණෙ තණමල්විල පැත්තෙ”. පුංචි කැලෑබද ඉස්කෝලයක්. දෙපැත්තෙම කටු පඳුරු ඇති මැටි සහිත පාරක් දිගේ උදේ හවස මං ගමන් කළා මතකයි. මාත් එක්ක ගුරුවරු තුන් දෙනයි.

රවිශංඛත් එයින් එක් කෙනෙක් , ගණිතය ඉගැන්වුවේ, ඒත් මිනිහට තිබුණෙ කලාකාරයෙකුගෙ හැඩ රුව. කතාව ටිකයි.ගමන සන්සුන්. හුඟාක් පොත්පත් කියෙව්ව. එයා හුඟාක් දේවල් ගැඹුරට දැනගෙන හිටියා. පොඩි උන්ට පණ වගේ ආදරය කළ බව මතකයි. දුප්පත් පැටව් වෙනුවෙන් එයාගෙ මුළු පඩියම වුණත් වියදම් කරන්න පසුබට වුණේ නෑ.

අනිත් අය එයාට ඊර්ෂ්යා කරන්න ඇති
අනේ නෑ. වගේ දේවල් පිටිසර ඉස්කෝලවල අඩුයි. කවුරුත් සහෝදරත්වයෙන් හිටියෙ. රවි අතේ සතේ නැති වුණත් කටක් ඇරල වග කිව්වෙ නෑ. ඒත් අපි කවුරුත් මොනව හරි ඉස්කෝලෙට ගෙනැල්ල එකට කෑව. කාගෙත් කුසගිනි නිවුණේ කව්පි ටිකකින්, මිරිසකුත් එක්ක ලැබුණු මයියොක්කා ටිකකින්.

හරිම අහිංසක සන්තෝෂයක්,

 

ඔව් කටුක බව තුළත් මිහිරක් තිබුණා. අපි හරියට දුප්පත් දරුවන්ට උදව් වුණා. උන් හරිම අහිංසකයි. වැඩි හරියක් හේන් ගොවියන්ගෙ දරුවො. උදේට කාල නෙවි ඉස්කෝලෙ එන්නෙ. ඒත් උන් කවදාවත් කලාන්ත වෙලා වැටුණෙ නැහැ හිත්වල දැඩි ගතියක් උන්ට තිබුණ ලොකු මහත්තයගෙ වේවැල් පාර කාපු වෙලාවලත් උන් එකෙක් කඳුළු බිඳුවක් හෙළුවේ නෑ.

හරිම හයිය කොලු පැවො.

 

මට මැවිල පේනවඔව් උන් දැක්කම ඕනම හදවතක් මුදු වෙලා යනව, උන් එක්ක කතා බහ කරනකොට කවුරුහරි හදවත පිරිමදිනව වගේ දැනෙන්නෙ. හරිම විවෘත බවක් උන් ළඟ තියෙන්නෙ. ඉස්කෝලෙ ඇරිල යනකම්ම කුකුළු පැටව් වගේ අපි ළඟ කැරකි හිටිය. ඔන්න මට මතක් වුණා.

මොකක්ද?”

අපි දවසක් විනෝද ගමනක් ගිය. ඉස්කෝලෙ පුංචි පැටව් එක්ක අපි ගියා උඩවලවේ කැලේට අලි බලන්න.

පොඩි ඈයොන්ගෙ සතුට දෝරෙ ගලන්න ඇති?

අපොයි ඔව්, කියල වැඩක් නෑ. ගමන ගැන. කිව්ව වෙලෙ ඉඳල උන් හිටියෙ කඩි කුලප්පුවෙන්. අපි ගියෙ පොඩි ලොරියක. ලොරියක් කිව්වට ඒකෙ වටේ දැල් ගහල වාඩි වෙන්න බංකු තියල තිබුණ. ඒත් මම ගමන ගැන නෙවි කියන්න හැදුවෙ.

එහෙනම්  මොකක් ගැනද?”

රවිශංඛ ගැන. මම කිව්වනෙ එයා අමුතු කෙනෙක් කියල. කාලෙක ඉඳල මගේ හිතේ එයා ගැන පුංචිපහේ ලෙන්ගතු කමක් ලියලමින් තිබුණ. එදා රාත්රියේ අපි නැවතුනේ උඩවලවේ වනෝද්යානයේ තිඹිරිමංකඩ කියන කැලෑ බංගලාවෙ. ඒක තිබුණෙ ඇතුළු වන දොරටුවෙ ඉඳල කිලෝ මීටර් 10 ක් විතර කැලෑව මැද්දෙ. හරිම ලස්සන ශාන්ත තැනක්. උඩවලවේ ජලාශයෙන් කොටසක් මුළු බංගලාව වටේටම විහිදිල තිබුණා.

හඳ පාය ආව වීර, පළු ගස්වලට උඩින් විශාල ඇස්වට්ටියක් වගේ. හඳ එළිය රිදී සළු පටක් වගේ ජලාශය මත සෙමින් වැතිරුණ. මුළු පළාතමු නිහඬයි. ඉඳල හිටල වතුර සෙලවෙන ශබ්ද ආව. මිනිස්සු කිව්ව මේ වෙලාවට ඇත්තු කුළු හරක් වතුරට බහිතව කියල

රවිශංඛ කැලෑ බංගලාව ළඟ තිබූ පලු ගහයට වාඩි වෙලා සිටිය. අපි හුඟාක් දේවල් කතා කළා. ලෝකය ගැන, ජීවිතය ගැන, දුප්පත්කම ගැන, මිනිස්සු විඳින වද වේදනා ගැන කාලෙක ඉඳ හිතේ ගුලි ගහ ගෙන හිටපු දේත් මම කිව්ව. රවිශංඛ මගේ මුහුණ බැලුව.

            අපි ඒකට තාම සූදානම් මදි වසුන්දරා. මගේ හිත වැහුණු පෙට්ටගමක් වගේ.” ඔහු කීවේ බොහොම බැරෑරුම් විදියට.

 

"ඒ පෙට්ටගම ණික්වලින් පුරවන්න මැණික් ඕනමම දන්නව. ඔයාගෙ හිතේ ලොකු හිඩැසක් තියෙනව. හැම වේලෙම හිඩැස ඔයා වේදනාවට පත් කරනව.”

 

"ඒක ඇත්ත. ඒත් වසුන්දරා ආදරය වගේ දේවලින් හිඩැස පුරවන්න මම ලෑස්ති නෑ. දුක් විඳින මේ දරුවන් වෙනුවෙන් මොකක් හරි දෙයක් මේ ජීවිත කාලෙදි මට කරන්න තියෙනව. ඵ් පරිත්‍යාගයෙන් මගේ හිඩැස පිරවේවි.

මම නිහඩ වෙලා හිටියා නිශ්චලත්වය තුල බොහෝ දේවල් කියවුණ .මම අහලා තියෙනවා දෙවියන් කතා කරන්නේ මේ වගේ වෙලාවල කියලා .

වසුන්දරා කාලේ මට සමරු පොතක් තිබුණ.මගේ යාළුවෙක් එහි පිටුවක අපූරු කියමනක් සටහන් කරල තිබුණ මම හැරිල බැලුව ඔහු දිහා.එයා ලියල තිබුණ දුක් විඳින හා අසාධාරණයට බඳුන්වන මිනිසුන් වෙනුවෙන් ඔබේ දෑත් එසවේවා කියල. ලෝකෙන්ම මම කැමැති කියමන ඒකයි.ඒක මගේ හිත හැඟීමවලින් පුරවනව.

ඊට පස්සෙ?

 ඊට පස්සෙ එච්චරයි. කාලය ගෙවී ගිය. අපි සාමාන්‍ය විධියට හිටිය අපි දුප්පත් පැටවුන් වෙනුවෙන් හුහාක් දේවල් කළහ.

 ඊට පස්සෙ මොකද වුණේ?'

 "රටේ කලබල ඇති වුණ කාලෙ එයා හිටි ගමන් අතුරුදන් වුණා. පස්සෙ දැන ගත්ත එයා කඳවුරක හිරකර ගෙන ඉන්න බව. කිසිම වරදක් නොකළ අහිංසකයව අවුරුදු ගාණක් වධකාගාරයක දාගෙන වධ දුන්න.

 කෝ ඉතින් රවිශංඛ?"

 එයා ඉන්නේ දැන් අපේ ගෙදර. මම එයාව බැන්ද හිරෙන් නිදහස් වෙලා ආවම මම එයාව භාර ගත්ත. එයා අතහරින්න පුළුවන් මිනිහෙක් නෙවි. රන් කඳක්. නිදහස් වෙලා ඇවිත් කලක් නිදහස් වෙලා ඇවිත් කලක් රෝහලේ හිටිය. එක් ඇහැක් ජෙන්නෙ නෑ. පිට පරාම පතුරු ගහපුව වගේ කැලැල් තියෙනව. කිසිම් ලිංගික සම්බන්ධකමක් පවත් වන්නට බෑ. ඒත් එයා මට වටිනව. ආදරය දුප්පතුන්ට දුන් මිනිහෙක්. එහෙම තවත් අය කොහේද මේ ලෝකෙ ඉන්නේ?
අනේ දෙවියනේ !

 

හිතා ගන්න්න බැරි කියා ගන්න බැරි
ආදරයක් නුබ ඇසුවාදෝ
රාගය දියවූ එකම ප්‍රේමයක්
අප දෙදෙනා තුල රැදුනාදෝ
දෙදෙනා රැස්කළ පවක් නිසා අප
මේ අයුරින් පෙම් කෙරුවාදෝ
පරවූ අඩකය නොදුටුව ඔය නෙතු
පෙර සංසාරෙත් තිබුනාදෝ
නොවෙනස් හිතකින් සෙනෙහෙ ලබන්නට
මට පෙර පිං දුන්නේ කව්දෝ
කිසිදා නොහිතමි අහිතක් හිතකින්
සෙනෙහෙ දෙව් දුව නුබ වේදෝ ......