සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, June 7, 2020

සෙනෙහෙ දෙව් දුව

මේ ලිපිය මට කියවන්න හම්බවුනේ 1999-2000 වර්ෂවලදී .ඒ දවස්වල මාධ්‍ය කටයුතු කරන කාලේ දිවයින පත්තරේ තිබුනා .එක ලියලා තිබුනේ ලීලානන්ද වික්‍රමසිංහ කියන මහත්මයෙක් .මේ  කථාව මගේ හිතට හොදින් කා වැදුනා .කොහේදෝ තැනක මම හොයන දෙයක් තිබිලා අහුවුනා වගේ දැනුනා .මම ඒ කථාවට පැදි පෙළක් ලිව්වා .
හිතා ගන්න්න බැරි කියා ගන්න බැරි
ආදරයක් නුබ ඇසුවාදෝ
රාගය දියවූ එකම ප්‍රේමයක්
අප දෙදෙනා තුල රැදුනාදෝ
දෙදෙනා රැස්කළ පවක් නිසා අප
මේ අයුරින් පෙම් කෙරුවාදෝ
පරවූ අඩකය නොදුටුව ඔය නෙතු
පෙර සංසාරෙත් තිබුනාදෝ
නොවෙනස් හිතකින් සෙනෙහෙ ලබන්නට
මට පෙර පිං දුන්නේ කව්දෝ
කිසිදා නොහිතමි අහිතක් හිතකින්
සෙනෙහෙ දෙව් දුව නුබ වේදෝ ......


2 comments:

  1. Saddest this is people who are responsible for these acts (UNP+JVP) still in politics and talk like saints and general population forgotten 88/89.

    ReplyDelete