කෝහෙදෝ ගොස් සැගවිලා ගිය
අතීතය යලි පිබිදිලා
සිතට දඩුවම් කරන්නේ ඇයි
මට නොතේරේ මේ තරම්.........
පැරණි පත් ඉරු මත මැකී ගිය
කෙලි කවට සරදම් සිනා
අපට අහිමිව බොහෝ කල් ඇත
කාලයෙන් මැකිලා ගියා .......
මා නුබට දුන් හැර දමා ගිය
සෙනෙහෙ නෑ දැන් වියැකිලා
යලිත් පුබුදන්නට දුවේ නුබ
ඇයි ද ආවේ හිනැහිලා ...........
ලස්සනයි .
ReplyDeleteජයවේවා !!!
කවිය හදුනන කළා සිතක සුභාශිංසන අගෙයි සැමකල ,තුති පුදමි මම
ReplyDelete