(ගෙදරට එන යාළුවන්ට තමන්ගේ රෝගී මව පෙන්වා වැඩ කාරියක් යයි දුවෙක් කියයි .)
දැනගත් දිනේ නුබ ආ බව මගේ කුසට
ලෝකය මගේ එක මග විය නුබ නිබද
මෝරා එමින් අත පය වදිනා කලෙක
ඒ දුක දරා සිටියා මම දරු පෙමට .....
එක්කොට දහස් පැතුමන් නුබ වෙත පැතුවා
සිත් සතොසින්ම නුබේ දියුණුව මම හිතුවා
මල් වැනි නුබේ මොළකැටි අත් පා අතගා
මගේ මව් කෙසේදැයි මා හදුනා බැලුවා ...
දින සති මාස අවුරුදු ගෙවිලා නොදැනා
නුබ ලොකු ගැහනියකි මා පොඩි වූ සේයා
ලෝකය දිනු නුබ මහ මේර ලෙස පෙනුනා
මගේ ලෝකය නුබයි නුබ නොදැනම හිටියා
නුබේ ලෝකයට මට එන්නට නොහැක දුවේ
මගේ ලෝකයේ පියුමයි නුබ සැම දිනේ
කිව්වත් මෙමා සේවකයා නුබ නිවසේ
අහිතක් නොමැත කිසිදා තුන් හිතක මගේ ......