![]() |
| වැවක රැල්ලට සහනයක් දෙන රලපනාවට බුදුන් සරණයි රජ රටේ මනු සත්ව සුසුමට සිසිල දෙන ජල කදේ පිහිටයි ............ නයනසේනට කවි හදන්නට දිවුල්ගේ හඩ සුසර වන්නට රුවන් දර්ශන ස්වර මවන්නට වැව් දියේ සිසිලසම සත්තයි .......... රවටෙනා බව නොදත් මිනිසුන් නෙතින් දුටු ඇත්තක් පසක් කොට දිනක් එනවා නෙතට දකිනට වාලුකාවක සිරිය පොදු කොට .......... |
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Sunday, August 29, 2021
රලපනාවක ඉකිබිදුම
Sunday, August 15, 2021
ස්වරයක හඩ
නිමව හැඩෙනා සෑම ස්වරයක
ඔබේ මනුසත් හඩ ඇසේ
ජීවිතය දුන් ඇදුරු තුමනි
නුබේ නෙතින් ලෝකය පෙනේ ..........
දෙනෙත් අදුරුව තිබු මුත් ඔබ
මගේ නෙත් යුග පෑදුවේ
සසරේ කොතනක පිය පුතුන් ලෙස
සිටිය දැයි සිත විමසතේ ...............
සොදුරු කෙත් බිම් කුරුළු කුජන
ගියපු ගම් දොර පාඩමේ
ලොකු දුරක් ගොස් හැරී බැලුවෙමි
සිනා සෙන නෙත් යුග පෙනේ ...............
ඔබේ මනුසත් හඩ ඇසේ
ජීවිතය දුන් ඇදුරු තුමනි
නුබේ නෙතින් ලෝකය පෙනේ ..........
දෙනෙත් අදුරුව තිබු මුත් ඔබ
මගේ නෙත් යුග පෑදුවේ
සසරේ කොතනක පිය පුතුන් ලෙස
සිටිය දැයි සිත විමසතේ ...............
සොදුරු කෙත් බිම් කුරුළු කුජන
ගියපු ගම් දොර පාඩමේ
ලොකු දුරක් ගොස් හැරී බැලුවෙමි
සිනා සෙන නෙත් යුග පෙනේ ...............
Subscribe to:
Posts (Atom)

