සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 15, 2021

ස්වරයක හඩ

නිමව හැඩෙනා සෑම ස්වරයක
ඔබේ මනුසත් හඩ ඇසේ
ජීවිතය දුන් ඇදුරු තුමනි
නුබේ නෙතින් ලෝකය පෙනේ ..........

දෙනෙත් අදුරුව තිබු මුත් ඔබ
මගේ නෙත් යුග පෑදුවේ
සසරේ කොතනක පිය පුතුන් ලෙස
සිටිය දැයි සිත විමසතේ ...............

සොදුරු කෙත් බිම් කුරුළු කුජන
ගියපු ගම් දොර පාඩමේ
ලොකු දුරක් ගොස් හැරී බැලුවෙමි
සිනා සෙන නෙත් යුග  පෙනේ ...............

No comments:

Post a Comment