සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, September 15, 2014

පංතිය

සුමනපාල,සිවසේකරන් ,රකීබ්
පැක්ටෙරියේ කම්කරුවෝ
උදෙන්ම ඇවිත් කසුකුසුවක්
පඩි වැඩි වෙලා නැහැ නෙව .............
ජීවත්වෙන්න අමාරුයි
කිශ්නරාජ්,රංජන් ,ෆාරිස්
විධායක මහත්වරු
 උදෙන්ම ඇවිත් සාකච්චාවක්
වැඩිවුන සල්ලිවලින් ගන්න
අලුත් කාර් ගැන ...........................
පංතියද? ජාතියද?
සූරාකනකොට අමතක වූ
හැමදාම පෑගෙන
පංතිය ..........................

පිංකම

ලොකු කොම්පැනියේ චෙයාමන් සර්
සද්ගුණවත් සාම විනිසුරු
තවත් තනතුරු
කියන්න බෑ  හරිම දිගයි
උඩමළුවට අටපිරිකර ධානමාන
දහස් ගණනින් පමණක් නොවේ
ලක්ෂ ගණනින්.................
පැක්ටේරියේ පියදාසලා ගේ ,
සොම්වතිලගේ පඩිය
තව රුපියල් පන්සියකින් වැඩි කරලා බලන්න
පින් කරන්න .............

x