සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, January 27, 2016

බුදු හාමුදුරුවනේ එනපොට හොද නෑ.....







මල්ලව සල්වනයෙන් අධිකරනයට ආපු සුභද්‍ර
අභද්‍ර වචන කියනවා.....
නාලාගිරි පරපුරේ පැටව් හොරකම් කරපු දේවදත්ත
පාර්ශවයේ අයත් ඒකට උදව් කරනවා...........

පූගති තිස්ස හිමියන්ට සාත්තුකරන්න ඒපා කියපු
සාත්තු සෙවකයන් නොමග යවපු මක්කලී ගෝසාල
අජාසත්තට එකතුවෙලා මොර දෙනවා..........

සැරියුත් මුගලන් හාමුදුරු වරු
වගේ වගක් නැතුව
භාවනා කරනව...............
අනේ අපි
පව් ගෙවනවා........

Wednesday, January 20, 2016

මම ඒ ගැන කිසිවක් නොකීමී.

එදා ජර්මනියේ නාසීවාදීන්
පලමුව ඝාතනනය කරනු ලැබුවේ කොමිනිස්ට් වරුන්ය
මම ඒ ගැන කිසිවක් නොකීමී.
මා කොමිනිස්ට් වාදීයෙක් නොවූ නිසාය.
ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ යුදෙව්වන්ය
මා වචනයක් වත් නොකිවෙ
මා යුදෙව්වෙකු නොවන නිසාය
ඊ ලගට ඔවුන් වෘත්තිය සමිති ක්‍රියා කාරීන් මරා දැමූහ
මම නිකම් බලා  සිටියෙමු
මන්ද මා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් නොවූ බැවිනි
ඔවුන් යලි කතොලිකයන් ඝාතනය කලහ
මා කුමක් කියන්නද?
ඇයි මා ප්‍රොතෙස්ත්‍රන්ත ආගමේ නෙව
අන්තිමෙදී ඔවුන් පැමිනියේ මා වෙතය
සැබවින්ම මා වෙනුවෙන් යුක්තිය කතා කිරීමට
කිසිවෙක් ඉතිරී වී නොසිටියේය.

---------මාර්ටින් නිමොලර් ----------- ජර්මනිය----------



Monday, January 4, 2016

චන්දරේ අය්යේ තාම මල් පිපෙනවා................

චන්දරේ අය්යේ,
මෙ මඩ වගුරෙ
ගිලෙන නෙලුම් මල්
පුබුදු වෙන්නට
භූ ගත කවි සිත
එලිය කල  නුබ නිසා
ඇස් දෙකෙන්ම උනාපු
මගේ කදුළු බිදුවට
බලාපොරොත්තුව
ගෙන්නට ඉපදුන
නුබ වගේ සොහොයුරෙක්
අහිංසක සුන්දර මිනිසෙක්
තව ගොර්කි කෙනෙක්
පිපිලා ..........
සුවද දෙනවා
සදා ජය වෙවා.............!
ඔව් අපි  රැක ගනිමු
ආදරනීය ටිම් රාන්..................
....