සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, July 25, 2020

කෙසේ ලිම්ද පෙම් කවි .....

දරුවන්ට කන්න දෙන්නට පොර බදන
බැංකු ණය ගෙවන්නට කබුරන 
අම්මට බෙහෙත් හොයනට දුක් විදින 
කුඩු ගහන්නට සල්ලි හොයානා 
කුලියක් සොයමින් මග යනෙන 
ඉස්පිරිතාලයේ පෝලිමේ සිටින 
මහා ඉසුරු සොයමින් සිප් සොයා දිවෙනා 
ගහ කොළ වතුර විකුණා 
සියල්ල මොනර කොළ කරනා 
මිනිසුන් දුටු විට 
කෙසේ ලිම්ද පෙම් කවි .....
ලියමි ඒ දුක් විදින මිනිසුන් ගැන 
මම පෙම්වතෙක් නෙව 
ලොවටම  පෙම් කරන .....