සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, January 1, 2017

වනන්තරේ නිරන්තරේ ............



කලේ කපනකොට නිදියපු බලධාරියොයි
කපන්න සපොට්කරපු දෙසපාලුවොයි
උන්ට කතිරේ ගහපු මෝඩ මහා ජනතාවයි
කැලේ කපන්නේ තම්බියද ,දෙමළද ,සින්හලයද
හොයා හොයා ඉන්න ජාතිවාදී හොරුයි !
විල්පත්තුව ,සිංහරාජය ,කුමන ,වස්ගමුව
අහලවත් නැති නගරේ ඉන්න හාල් පාරුවොයි
අවංකව කැලේ  කපනවට විරුද්ධ
මිනිස්සුයි !
ඔක්කොම පිටකරන කාබන් ඩයොක්සයිඩ්
උරාගෙන ඔක්සිජන් බෙදා දෙනවා
වනාන්තරය........................