සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
පුතේ වාරූ තිබෙනව තව සිත ගාව
නුබේ රුව මැවී පෙනෙනව හැමදාම
නුබේ මතකයන් අරගෙන හැම වසරේම
ඉල් සැමරුමට මම යනවා පෙර සේම
තප්පර පැය වෙලා කාලය ගෙවිලා ගියා
නුබෙ මතකයන් මට පමනක් ඉතුරු වුනා
සැගවුන මතකයන් එක්වී රොද බැදෙනා
මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා
ඈත ගම් නියම් අහුකොන නිරන්තරේ
නුබ වැනි තවත් මල් පිපෙනව නිරන්තරේ.
එක් කොට සුවද වත් කෙරුමට මිනිස්පුරේ
නුබ වැනි එවුන් දහසක් ඉල් මස සැමරේ