සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, September 4, 2012

පලා බබාගේ නැලවිලි ගීතය...............



ගිනි මද්දහනේ ලයිට් දමාගෙන

අත දමාගෙන කෑ ගසාගෙන

රථ පිරිවරින් ගිය ප්‍රභූ පියාගේ

පුතාටත් ඒ මගම යන්නට

ගහමු අපි කතිරය තවත් පාරක්...................

වැව්තාවුල්ලේ හෝටල් සාදා

වතුර බස්සවා වගා පාළු කොට

අපි පාරට බස්සපු ඒ තුමාගේ

සහෝදරයාට කතිරය ගහමු යලිත්

යන්නට මැති සබයට............

ලෝක බැංකුවෙන් ආසියා බැංකුවෙන්

ණය අරගන්නට ජොගි නටන්නට

අපිත් අපේ හත්මුතු පරම්පරාවත්

ණයකාරයන් කරපු එතුමාගේ බිරිදටත්

ඒ මග යන්නට ගහමු අපි කතිරය තවත් පාරක්...................

කුඩා දැරියන් බිල්ලට ගත්

ගමපුරා වයින් ස්ටොර්ස් ඇරිය

වන සෙන්සුනේ ගස් කැපු,පිලිම කැඩු

ඒ ප්‍රාදේශීය නායක තුමා

කරමු අපි කතිරය ගසා පලා බබෙක්ව

උන්ට ජය වෙවා !

අපිට මොනවා උනත්............