සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, April 9, 2016

අවුරුදු උදා වුනා....................

ජවාරම් කරුවන් මාධ්‍ය සමග
කොහා බදු ගන්නා
බෝනස්,පඩි ලැබෙනා
එවා උදුරා ගන්නට සේල් කරුවන් බලා ඉන්නා
ගැමි හුරුව,අපේකම
ළිද චාරිත්‍ර  වාරිත්‍ර
ජන ක්‍රිඩා අදී නේක කතා
බතික් සරම් ඇදි
හොරෙන් පන්සිල් කඩන
ආචාර්ය වරු මහාචාර්ය වරු
විද්වතුන් යැයි කියා ගන්නා
නිවෙදකයා මගින් මුරුංගා ගහට නගින
කැමරාව ඉදිරියේ පොර ටොක් දෙන
පච කියන අප අහනා
චැනල් වලට ගම මතක් වෙන
එහෙම ගමක් ලංකාවෙත් නැති
අවුරුදු උදා වුනා....................