සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, February 4, 2016


මම දෙමළ. මම දෙමළ වුනේ මනුස්සයෙක් වුනාට පස්සෙ. ඒක නිසා මට ජාතියට වඩා මනුස්සකම උතුම්' යන්න පර්ල් දේවභාෂිතයක් සේ ඇදහූ සිද්ධාන්තයක් විය. ඇය ඒ බව සැමවිටම සැවොම සමග ප්‍රකාශ කළාය.
පර්ල් අශෝකමාලා තේවනායගම් 
නිදහස් මතධාරී ජේෂ්ඨ මාධ්‍යවේදිනියකි

විසිට් එක

ගමෙම චන්ඩියා 
කසිප්පු සුදාගේ පුතා
සමුපෙ කඩලා පොලොසියට අහුවෙලා...........
හරක් හොරකම් කරපු පියදාසයයි....
මිනිහා මැරිච්ච සොමා අක්කයි....
පන්සලේ කැටෙ කඩාපු පුංචයි......
හොරපොල් කඩන පොල් රන්ජයි.....
මැම්බර් තිලකයයි.......
පගා ගහලා අහුවුන ලොකු ඉස්කොලේ මහත්තයයි
කෑම බීම අරගෙන 
කාඩ් බොඩ් ගහල ටින්කරින් කරන සුමනයගේ වෑන් එකෙන්
ගියා නෙව හිර ගෙදරට.............
රා විකුනන සුමන අක්කා වෙල මැද්දෙන් ගියා
දුකින්ම කියාගන ගියා ගමටම ඇසෙන්නට