සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, October 30, 2016

උන්ගේ පැතුම



උතුරේ යුද්ධය ඉවරයි 
ඒත් අම්මා තාත්තා නැති දරුවො 
උනුත්  ඉගෙන ගන්න ඕන 
පාසලට යන්න ගමන්  වියදම  
රුපියල් පහයි
ඒකත් නැති දරුවො ඉන්නවා 
උන් පයින් යනවා
කකුල් රිදෙනවා 
අව්ව ,වැස්ස 
හිත රිදෙනවා .................
මිය ගිය අම්මා අප්පා මතක් වෙනවා
අයිත් ආයුධ ගන්න හිතෙවී
කිලිනොච්චියට හෙලිකොප්ටරයේන් 
උන්ගෙම ජාතියේ මිනිහා
නියොජ්‍ය අධ්‍යපන ඇමති එනවා
හරිම පුදුමයි
අර අහිංසකයින්ගේ සුබ සාධනයට 
සල්ලි නැතිලු 
උබලාගේ ඉවසීම ඉවරවුනාම 
හිත් නරක් වුනොත් උබලගේ 
අරූ ඒවී දෙමල වේට්ටිය කරට අරන්
උබලා ෆොම් කරන්න
ගහ ගන්නෙ උන් නෙමෙයි
මොනරාගල ,අනුරාධපුරයේ ,ඇබිලිපිටියේ 
කනිටු විදුහල් වලින් 
ඕ ලෙවල් ෆෙල් වෙච්ච 
ෆොම් කරපු රනවිරුවො එක්කයි.
උන්ගේ පැවැත්ම හා පැතුමයි එය............

Saturday, October 22, 2016

පන්සලේ බල්ලා

   

වෙසක් පෝය දවසේ මම පන්සලට ගියා මොකටවත් නෙමෙයි රැ හයි කරපු වෙසක් කූඩු වලට බල්බ් හයි කරන්න .හතර පොයටම සිල් ගන්න සිල් ඇත්තො වගේම වෙසක් පොය විශේෂ නිසා සිල් ගන්න ඇත්තොත් ඇවිත් හිටියා .දවල් උපාසක දානේ පටන් ගත්තා ඒ එක්කම පටන් ගත්තා බුද්ධ පූජාව මට පැව්රිලා තිබුනේ පෘඩ් සැලඩ් එකතු කරන්න පෘඩ් සැලඩ් ගමේ ගෙවල් වලින් ගෙනත් දෙනවා එක උපාසක අම්මා කෙනෙක් එයාගේ පෘඩ් සැලඩ් එක භාජනයට දැම්මෙ පහු වෙලා කවුරුත් දමනකම් හිටගෙන හිටියා  මොකද බුද්ධ පුජාවට එයාගේ සැලඩ් අහු නොවෙයි කියාලා තිබුන බිය මුසු සර්ධාව නිසා ,

කොහොම හරි ධානේ කටයුතු වලට උදව් වෙන්න කලු මල්ලි කෙනෙක් ඇවිත් හිටියා මල්ලිගේ හම කලු වුනාට එයා දැකුම් කලු පෙනුමක් තියෙන කෙනෙක් හැබැයි හිත හරිම සුදු කෙනෙක් .එයා දැක්කා මහ සෙනග අස්සෙ ඉන්න පන්සලට ගමෙ සද්ධාවන්ත පින්වතුන් ප්‍රධානය කරපු පුoචි බලු පැටියෙක් ලස්සනත්  නැහැ හුරුබුහුටිත් නැහැ හමේ චර්ම රොගයක් හැදිලා කසනවා මල්ලි පොඩි ගොනියක් අරගෙන බල්ලා ඔතා ගත්තා යලුවෙක් එක්ක බල්ලා අරගෙන මොටර් සයිකලේ නැගලා ගියා .ටික වෙලාවකින් තුන් දෙනාම ආපහු ආවා (කලු මල්ලියි,බල්ලයි,යාලුවයි) 

        මම පොසොන් පොයටත් පන්සල් ගියා ලස්සන මවිල් පිරුනු පුoචි බලු පැටියා මම ලගට දුව ගෙන ආවා  පොඩි හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා .කලු මල්ලි වෙසක් පොය දවසෙ බලු පැටියා වෙද ගෙදර ගෙනෙහින් ,දොස්තර මහත්තයා දීපු බෙහෙත වැඩ කරලා බලු පැටියා සනීප වෙලා.

Sunday, October 9, 2016

අපේ හාදයෝ තව මාතර ඇත............

කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියවීලා.............
බීච් මාවතේ සුදු වැලි අතරේ 
අපගේ ඉපැරනි පියසටහන් ඇත

සුදර්ශියේ කෙටි තාප්ප අතරේ
අපේ කථාවෙ කෙටි පටුනක් ඇත
කුලගෙය බැලුවා සත්‍යා දුටුවා
නිව් සිනමා බිම දෙඩූ කතා බහ
එනමුදු එදවස් සගවනු නොහැකිය
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ.......