සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, October 30, 2016

උන්ගේ පැතුම



උතුරේ යුද්ධය ඉවරයි 
ඒත් අම්මා තාත්තා නැති දරුවො 
උනුත්  ඉගෙන ගන්න ඕන 
පාසලට යන්න ගමන්  වියදම  
රුපියල් පහයි
ඒකත් නැති දරුවො ඉන්නවා 
උන් පයින් යනවා
කකුල් රිදෙනවා 
අව්ව ,වැස්ස 
හිත රිදෙනවා .................
මිය ගිය අම්මා අප්පා මතක් වෙනවා
අයිත් ආයුධ ගන්න හිතෙවී
කිලිනොච්චියට හෙලිකොප්ටරයේන් 
උන්ගෙම ජාතියේ මිනිහා
නියොජ්‍ය අධ්‍යපන ඇමති එනවා
හරිම පුදුමයි
අර අහිංසකයින්ගේ සුබ සාධනයට 
සල්ලි නැතිලු 
උබලාගේ ඉවසීම ඉවරවුනාම 
හිත් නරක් වුනොත් උබලගේ 
අරූ ඒවී දෙමල වේට්ටිය කරට අරන්
උබලා ෆොම් කරන්න
ගහ ගන්නෙ උන් නෙමෙයි
මොනරාගල ,අනුරාධපුරයේ ,ඇබිලිපිටියේ 
කනිටු විදුහල් වලින් 
ඕ ලෙවල් ෆෙල් වෙච්ච 
ෆොම් කරපු රනවිරුවො එක්කයි.
උන්ගේ පැවැත්ම හා පැතුමයි එය............

5 comments:

  1. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අකුරු කරන්දිනට දෙන දිරියට බොහොම පින් !

    ReplyDelete
  3. හ්ම්.. වචන නැතුව හිර වෙන තැනක් අපි..

    ReplyDelete
  4. සදාකාලික යතාර්ථය.................. සුපිරියි............. ඔය ටික තේරෙනවානං මදෑ අපේ උන්ට...

    ReplyDelete