සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, October 22, 2016

පන්සලේ බල්ලා

   

වෙසක් පෝය දවසේ මම පන්සලට ගියා මොකටවත් නෙමෙයි රැ හයි කරපු වෙසක් කූඩු වලට බල්බ් හයි කරන්න .හතර පොයටම සිල් ගන්න සිල් ඇත්තො වගේම වෙසක් පොය විශේෂ නිසා සිල් ගන්න ඇත්තොත් ඇවිත් හිටියා .දවල් උපාසක දානේ පටන් ගත්තා ඒ එක්කම පටන් ගත්තා බුද්ධ පූජාව මට පැව්රිලා තිබුනේ පෘඩ් සැලඩ් එකතු කරන්න පෘඩ් සැලඩ් ගමේ ගෙවල් වලින් ගෙනත් දෙනවා එක උපාසක අම්මා කෙනෙක් එයාගේ පෘඩ් සැලඩ් එක භාජනයට දැම්මෙ පහු වෙලා කවුරුත් දමනකම් හිටගෙන හිටියා  මොකද බුද්ධ පුජාවට එයාගේ සැලඩ් අහු නොවෙයි කියාලා තිබුන බිය මුසු සර්ධාව නිසා ,

කොහොම හරි ධානේ කටයුතු වලට උදව් වෙන්න කලු මල්ලි කෙනෙක් ඇවිත් හිටියා මල්ලිගේ හම කලු වුනාට එයා දැකුම් කලු පෙනුමක් තියෙන කෙනෙක් හැබැයි හිත හරිම සුදු කෙනෙක් .එයා දැක්කා මහ සෙනග අස්සෙ ඉන්න පන්සලට ගමෙ සද්ධාවන්ත පින්වතුන් ප්‍රධානය කරපු පුoචි බලු පැටියෙක් ලස්සනත්  නැහැ හුරුබුහුටිත් නැහැ හමේ චර්ම රොගයක් හැදිලා කසනවා මල්ලි පොඩි ගොනියක් අරගෙන බල්ලා ඔතා ගත්තා යලුවෙක් එක්ක බල්ලා අරගෙන මොටර් සයිකලේ නැගලා ගියා .ටික වෙලාවකින් තුන් දෙනාම ආපහු ආවා (කලු මල්ලියි,බල්ලයි,යාලුවයි) 

        මම පොසොන් පොයටත් පන්සල් ගියා ලස්සන මවිල් පිරුනු පුoචි බලු පැටියා මම ලගට දුව ගෙන ආවා  පොඩි හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා .කලු මල්ලි වෙසක් පොය දවසෙ බලු පැටියා වෙද ගෙදර ගෙනෙහින් ,දොස්තර මහත්තයා දීපු බෙහෙත වැඩ කරලා බලු පැටියා සනීප වෙලා.

4 comments:

  1. හාමුදුරුවන්ට පුළුවන්නෙ ඔය බල්ලන්ට බෙහෙත් කරන්න. ඒකට කළු මල්ලිම එන්න ඕනද??

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි ප්‍රතිචාර වලට

    ReplyDelete
  3. හොඳ වැඩක්. ඒත් පරිස්සමෙන්.

    ජයවේවා!!!

    ReplyDelete