සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, October 4, 2019

චිත්ත අදින පිරිමි

චිත්ත අදින ගොන් පිරිමි හැම විටම බලන්නේ කාන්තා ශ්‍රමය පහළ දමලා .මම ඒ අයගෙන් අහනවා ලංකාවට වැඩිම විදේශ විනිමය ගේන්නේ කවුද කියලා .අපේ කාන්තාවෝ තමයි මැදපෙරදිග වහල් සේවයට ගිහින් එහෙම කරන්නේ .අපේ රටේ ඉස්සර ශ්‍රී ලාංකීය ශ්‍රම වෙලදපොලේ කාන්තා දායකත්ව ගැන තිබුනා ගරුත්වයක් .ඒ අමමා ,සහෝදරි ,ආච්චි අම්මා මේ අය ඉරට කලින් අවදි වෙලා දවස පටන් ගන්නේ අපේ නිෂ්පාදන ආර්ථිකය මෙහෙයවන යෝධ පුරුෂයින්ගේ කුස ගිනි නිවලා ,මනස වෙහෙස්වලා ඉගෙන ගන්න පාසල් දරුවට මුලික ආහාර හදලා දීලා පිළියෙළ කරලා .එහෙම ජාතියක් දින නිහින ජාතියක් බවට පත් කලේ JR ජයවර්ධන ප්‍රමුක ආණ්ඩුව.එක නන්දා මාලිනි ලස්සනට පවනේ කියනවා .
           ලංකාව ඇතුලෙත් කාන්තාවන්ට සලකන විදිය හරිම ශෝචනීයයි.කාන්තාවගෙන් වැඩ අරගෙන අපහාස කරනවා .එහෙම කරන අය ගෙදර අම්මා දිහා බලන්න .එහෙම කාන්තවන්ට අපහාස කරන්නේ සහ ඒ වගේ තැන්වල නිශ්ශබ්දව ඉන්න පිරිමි පොන්නයින්  ලෙස හදුන්වනවා .අපිට ඒ වගේ අය සමග වැඩ කරන්න වෙන එක කනගාටුවට කරුණක් .
            ඉස්සර මිට අවුරුදු 15 විතර කලින් ලංකවේ විශ්වවිද්‍යාලයක එක්තරා පීඨයක තිබුනා ක්‍රිකට් තරගයක් එකට ආපු කණ්ඩායම් වලින් හැම එකක්ම ගැහැණු ළමයෙක් ඉන්න ඕන කියලා නීතියක් දැම්මා .මොකද සියලු දෙනාම ක්‍රීඩාවට අවශ්‍ය නිසා .එතැනදී එකට විරුද්ධ වුන චිත්ත අදින ශිෂ්‍ය සංගම් නායකයින් ඒ අයගේ පට කම්බා කරේ තියන් එකට විරුද්ධ වුනා .එතකොට තමයි ඒ අය යටට පෑන්ටි ඇදලා ඉන්නවා කැම්පස් එකේ කට්ටිය දැක්කේ .එහෙම අය තමයි ලොක්කෝ වෙලා අද සමහර තැන්වල තීරණ ගන්න ඉන්නේ .කාන්තා ලිංගික හිංසනය වගේමයි කාන්තා ශ්‍රම හිංසනය .එක කරන්න් කලින් අමමා මතක් කර ගන්න .එහෙම අමමා අමතක අයගේ අම්මා මතක් කරන්නේ අනෙක් කට්ටිය ,එතකොට අර චිත්ත කාරයින්ගේ අම්මලාට කිවිසුන් යනවා .




Tuesday, September 17, 2019

මාතු පෝෂක


ගිලන් හල ගෝකන්න පුර ගොස් 
කොලොන්තොට එන මාවතේ 
හඩන දුරකථනය නවත්වමි 
වරකපොළ කඩ මායිමේ.......
අසා සුපුරුදු හඩක් පෙර දින 
ඇමතුවා මතකෙට නැගේ 
මගේ අම්මා නොකී රහසක් 
පැවසුවා හද වැලපුණේ .........
ලොකු පුතා මගේ බුදු වෙයන් 
මම පතනවා මගේ නංගියේ 
කියූ වදනින් මාතු පෝෂක 
ජාතකේ මා තනි වුනේ ..........
ගිගුම් සැර හඩ අකුණු නොවැදී 
ගැලු අනෝරා සාගරේ 
නුවර පාරම තෙමා දැමුවා 
මගේ අම්මාගේ ආදරේ ............


Saturday, May 11, 2019

අතීතයට යන පාරක් ඇත්නම් .............










මුළු සිතම මගේ උදුරාම අරන්
දුන් දුක් සිත කොන සැගව ඇති
පටු මාවත් අපි වන පොත් කල තැන්
නුබේ සිතෙත් ඇති යයි සිතමි.......................
සිව් වසරක් තුල එකටම ආ මග
හැරී බැලුවොතින් සොදුරු ඇති
අතීතයට යන පාරක් ඇත්නම්
කටුව යන්න  මගේ සිත කැමති ..............
මටත් නොකිය නුබ නික්මී ගිය හැටි
තවමත් මතකෙට නගනු හැකී
ප්‍රේමය හදුනා ගත් මම සැමදා
නුබට වෛර නොකරම හිදිමී ..............


Thursday, February 14, 2019

අම්මාට පතනෙමි බුදුන් මග ............



කාසියට ශිල්පය ලබා දෙන 
මා තොටේ ගුරු වරු හොයා යන 
උගත් මිනිසෙක් හෙට තනන්නට
හෙලු දහදිය නිමක් නැත මට ................
සියක් දහසක් බුදුන් බුදුවුන 
හිරු නැගී සියොතුන් සිනා සෙන 
සෑම හිමිදිරි උදෑසනකම 
පතන්නෙමි බුදු බව නිරන්තර ............
කළු කපා එළියේ පිබිදගෙන 
උයා බත් බැද හිස දරා ගෙන 
මගේ ලෝකය ගොඩ නගා දුන් 
අම්මාට පතනෙමි  බුදුන් මග ............

Wednesday, January 30, 2019

පාලු මහ ගෙදර



පුංචි කාලේ දුවපැන  ගිය
හැංගි හොරා සෙල්ලම් කල 
වෙලේ මාමා අද එන් නැති 
ගෙදර අයිනේ නිල් කුබුරේ ......
ලොකු අම්මා නැති  මහගේ 
පාලු වෙලා වල්  වැදිලා 
ආච්චිගේ ,සීයාගේ සොහාන වහන් 
ගස් හැදිලා .........
ඇබුල් පෙර ගස මැරිලා 
වල් ගස් එහි රජ කරලා 
නමිනම් ගහ නෑ දුටුවේ 
මැන්ගුස් ගෙඩි කොහේ ගියේ 
ලොකු තාත්තා කියා දුන්න 
පාඩම් නම් මතක තියේ ....
වෙසක් කාඩ් තෝරන් හදලා 
වෙසක් සදේ පෑ විකුමන් 
සිහි කරලා 
පොටෝ අරන් මම ආවා 
හිතේ දුකින් 
අය්යේ අපි ගැන හිතලා ...... 

Tuesday, January 29, 2019

මගේ අම්මේ ............

කුරුන්ද උඩින් බත් කන්න ආපු අටිකුකුලෝ 
කුස්සිය ලග පිගානට ආපු ලෙන් පැටවුනේ 
දෙමලිච්චනේ ......
උබලටයි මටයි නංගිටයි මල්ලිටයි තාත්තාටයි 
කන්න දුන්න අම්මා නැහැ  
පාර දෙපැත්තේ සුදු කොඩි දමලා ......
මගේ රත්තරං අම්මා අයෙත් එන්නේ නෑ කවදාවත් 
මම තනියම කවි ලියනවා 
මගේ අම්මේ ............