සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Saturday, December 10, 2016
Saturday, November 19, 2016
මිතුරු හවුල
කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන
ගන්කධිකාරී මහතාද ,
ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන
ඖෂධවේදියා ද ,
ළමයි ගන්න අත යට ගාන ඉල්ලන
ගරු විදුහල්පති තුමාද ,
කට්ටි පැනලා දිස්පෙන්සරියට එන
දොස්තර මහතාද ,
කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න
ඉංජිනේරු මහතාද ,
මිතුරු හවුලේදී රහ මෙර බොමින් ,
අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන
හදුන්නෙත්තිගේ ගුණ ගයා
සතුටින් විසිර ගියහ...........................
Monday, November 14, 2016
ඉල්
පුතේ වාරූ තිබෙනව තව සිත ගාව
නුබේ රුව මැවී පෙනෙනව හැමදාම
නුබේ මතකයන් අරගෙන හැම වසරේම
ඉල් සැමරුමට මම යනවා පෙර සේම
තප්පර පැය වෙලා කාලය ගෙවිලා ගියා
නුබෙ මතකයන් මට පමනක් ඉතුරු වුනා
සැගවුන මතකයන් එක්වී රොද බැදෙනා
මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා
ඈත ගම් නියම් අහුකොන නිරන්තරේ
නුබ වැනි තවත් මල් පිපෙනව නිරන්තරේ.
එක් කොට සුවද වත් කෙරුමට මිනිස්පුරේ
නුබ වැනි එවුන් දහසක් ඉල් මස සැමරේ
Sunday, October 30, 2016
උන්ගේ පැතුම
උතුරේ යුද්ධය ඉවරයි
ඒත් අම්මා තාත්තා නැති දරුවො
උනුත් ඉගෙන ගන්න ඕන
පාසලට යන්න ගමන් වියදම
රුපියල් පහයි
ඒකත් නැති දරුවො ඉන්නවා
උන් පයින් යනවා
කකුල් රිදෙනවා
අව්ව ,වැස්ස
හිත රිදෙනවා .................
මිය ගිය අම්මා අප්පා මතක් වෙනවා
අයිත් ආයුධ ගන්න හිතෙවී
කිලිනොච්චියට හෙලිකොප්ටරයේන්
උන්ගෙම ජාතියේ මිනිහා
නියොජ්‍ය අධ්‍යපන ඇමති එනවා
හරිම පුදුමයි
අර අහිංසකයින්ගේ සුබ සාධනයට
සල්ලි නැතිලු
උබලාගේ ඉවසීම ඉවරවුනාම
හිත් නරක් වුනොත් උබලගේ
අරූ ඒවී දෙමල වේට්ටිය කරට අරන්
උබලා ෆොම් කරන්න
ගහ ගන්නෙ උන් නෙමෙයි
මොනරාගල ,අනුරාධපුරයේ ,ඇබිලිපිටියේ
කනිටු විදුහල් වලින්
ඕ ලෙවල් ෆෙල් වෙච්ච
ෆොම් කරපු රනවිරුවො එක්කයි.
උන්ගේ පැවැත්ම හා පැතුමයි එය............
Saturday, October 22, 2016
පන්සලේ බල්ලා
වෙසක් පෝය දවසේ මම පන්සලට ගියා මොකටවත් නෙමෙයි රැ හයි කරපු වෙසක් කූඩු වලට බල්බ් හයි කරන්න .හතර පොයටම සිල් ගන්න සිල් ඇත්තො වගේම වෙසක් පොය විශේෂ නිසා සිල් ගන්න ඇත්තොත් ඇවිත් හිටියා .දවල් උපාසක දානේ පටන් ගත්තා ඒ එක්කම පටන් ගත්තා බුද්ධ පූජාව මට පැව්රිලා තිබුනේ පෘඩ් සැලඩ් එකතු කරන්න පෘඩ් සැලඩ් ගමේ ගෙවල් වලින් ගෙනත් දෙනවා එක උපාසක අම්මා කෙනෙක් එයාගේ පෘඩ් සැලඩ් එක භාජනයට දැම්මෙ පහු වෙලා කවුරුත් දමනකම් හිටගෙන හිටියා මොකද බුද්ධ පුජාවට එයාගේ සැලඩ් අහු නොවෙයි කියාලා තිබුන බිය මුසු සර්ධාව නිසා ,
කොහොම හරි ධානේ කටයුතු වලට උදව් වෙන්න කලු මල්ලි කෙනෙක් ඇවිත් හිටියා මල්ලිගේ හම කලු වුනාට එයා දැකුම් කලු පෙනුමක් තියෙන කෙනෙක් හැබැයි හිත හරිම සුදු කෙනෙක් .එයා දැක්කා මහ සෙනග අස්සෙ ඉන්න පන්සලට ගමෙ සද්ධාවන්ත පින්වතුන් ප්‍රධානය කරපු පුoචි බලු පැටියෙක් ලස්සනත් නැහැ හුරුබුහුටිත් නැහැ හමේ චර්ම රොගයක් හැදිලා කසනවා මල්ලි පොඩි ගොනියක් අරගෙන බල්ලා ඔතා ගත්තා යලුවෙක් එක්ක බල්ලා අරගෙන මොටර් සයිකලේ නැගලා ගියා .ටික වෙලාවකින් තුන් දෙනාම ආපහු ආවා (කලු මල්ලියි,බල්ලයි,යාලුවයි)
මම පොසොන් පොයටත් පන්සල් ගියා ලස්සන මවිල් පිරුනු පුoචි බලු පැටියා මම ලගට දුව ගෙන ආවා පොඩි හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා .කලු මල්ලි වෙසක් පොය දවසෙ බලු පැටියා වෙද ගෙදර ගෙනෙහින් ,දොස්තර මහත්තයා දීපු බෙහෙත වැඩ කරලා බලු පැටියා සනීප වෙලා.
Sunday, October 9, 2016
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියවීලා.............
බීච් මාවතේ සුදු වැලි අතරේ
අපගේ ඉපැරනි පියසටහන් ඇත
සුදර්ශියේ කෙටි තාප්ප අතරේ
අපේ කථාවෙ කෙටි පටුනක් ඇත
කුලගෙය බැලුවා සත්‍යා දුටුවා
නිව් සිනමා බිම දෙඩූ කතා බහ
එනමුදු එදවස් සගවනු නොහැකිය
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ.......
Sunday, September 25, 2016
Saturday, September 17, 2016
Sunday, August 21, 2016
ආදර්ශය
ඉරටත් කලියෙන් පාසලට ගිය
පේලී සැදි සුදු කොකුන් අතරේ
කන කොකෙක් නොව සුදුම සුදු වී
මල් පුදා පන්සිල් රැකිය ඒ .................
සදාදර හොද දරුවා සැමගේ
සමත්වී ලොකු තරග විභාග
ලැබ සම්මාන කිතු ගොස
ඩිරෙක්ටර්,ලේඛම්,අධිපති ,කුල පති
කොමසාරිස් අදී තව එකී නොකී රැස්වලලු.............
අසුරු කරමින් එජන්තයින් ,උප්පරවැට්ටිකරුවන්
දේශාපාලුවන් ,කැනහිලුන්,හොර උපාසකයින්
ගහන්වා විස්කි ,බ්‍රැන්ඩි,වොඩ්කා සමග බබකියු
කඩමින් පන්සිල් පද .....................
රිoගනවා නෙක තරු ගුබ්බැයම්වල
කියනවා ටොම් පච
සති අන්තයේ ගමට පැමින
උපහාර උලෙලට ............
දෙනවා පොර ටෝක් රිoගා
රූප නාලිකා වල ඇට්ටි හැලෙන්න
යනවා අධ්‍යයන චාරිකා මහජන මුදලින්
බහිනවා එනගමන් තයිලන්ත්යේ
යනවා පතායෝ කැඩුමට
තෙවන සිල්පදය
හොරෙන් චෙක් කරනවා එච්.අයි.වී
වී.ඩී.ආර්.එල්
මවුන්ට් එලිසබෙත්
සිoග්ගප්පූරුවෙදී...............
ගමෙ අම්මලා දරුවන්ට පෙන්වනවා
අන්න ආදර්ශයට ගනිල්ල
චරිත....................
Saturday, July 30, 2016
මනුස්සකමලු
නගරේ සීතල කාමරේ සිට
කැරකෙනා පටුවෙ සැපක්ගෙන
නේක රටවල ප්‍රොජෙක්ට් අරගෙන
ගමෙ සම්පත් මිල මුදල් කොට
සාක්කුව පුරවා තුටින් සිට
ගමට දුප්පත්කම උරුම කොට................
ගමේ දරුවන් පාරටම කොට
මගේ දරුවන් රජ පැටවු කොට
ව්ශ්‍රාම ලැබ උපදේශ ලෙස
ප්‍රජා සේවා බෝඩ් ගහගෙන
යානවාහන පිරිවරාගෙන .............................
ගමට යනවා කදුලු පෙරමින්
සිoහ වෙස් ගත් කපටි නරි රැල
හරිම අනුකම්පාවෙන්
ඒකටත් කියන්නෙ
"මනුස්සකමලු"
Tuesday, June 28, 2016
කාලා කරුවා
ප්‍රශක්තී නොකියවන
වන්දිභට්ටිකම් නොකරන
දිලිදුකම පීඩනය
ගසා සූරා කෑම
වoචාව දූෂණය
මිනිසුන්ට ලියාදෙන
කියාදෙන මිනිසා
දුප්පතෙකි සැමදාම ...................
රජුන් හට ගී ගයන
මැතියන්ට කවි ලියන
රෙදි නැතිව කඩේ යන
බුදුන්ටත් රජු අන්දන
රජා සක්විති කරන
ජාන මෙහෙයුම් කරන
සැනකෙලියේ රස බලන
ජාතියට වින කරන .............................
වැඩියෙන්ම ණය ගිලින
පුoචි තිරයේ ඉදන්
අමුලික පච කෙලින
ඉතිහාසයේ හොරා කන
කම්බ හොර තට්ටයින්
කාල කරුවන් නෙවද ? .................
Sunday, June 26, 2016
Sunday, June 19, 2016
ප්‍රයිවට් ප්‍රැක්ටිස්
සමරනායක දොස්තර මහත්තයා
චැනල් වලමයි ඉන්නෙ ටවුමෙ තියන
හැම වෙලාවෙම
ඉස්පිරිතාලෙ නැතිනිසා
අපි යන්නෙ චැනල්වලටමයි
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස්
කිසි ප්‍රශ්නයක් නැහැ................
විද්‍යාව උගන්වන අරියරත්න මහත්තයා
උගන්වන වෙලාවෙ පාසලෙත් නැහැ
හන්දියෙ මඩුවෙ උගන්වනවා
යන්නෙ හයිබ්‍රිඩ් එකකින්
නෝපේත් ගිහින් අධ්‍යක්ෂ වුනා
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස්
කිසි ප්‍රශ්නයක් නැහැ................
M.L.T.සුමනසිරි උදේට එකතුකරපු
ලේ සාම්පල් ටික ඉස්පිරිතාලෙන් කරලා
හවසට රිපොට් දෙනවා
එනකොට හොරෙන් රිජන්ට් හෙමත් ගේනවා
බැලු වෙලවක් ඇත්නම්
හන්දියෙ ලැබ් එකේ
ඒකත් ප්‍රයිවට් ප්‍රැක්ටිස්
කිසි ප්‍රශ්නයක් නැහැ................
ඉතිo අනේ
පොලොසියෙ ලොක්කෙක් වෙච්ච
වාස් මහත්තයා ප්‍රයිවට් ප්‍රැක්ටිස් නිසා
මහ උලු ගෙදර ගියා
එතන නම් ප්‍රශ්නයක්............
Saturday, May 28, 2016
මාලන්
යුගාන්තයේ
තාත්තාගේ ෆැක්ටරියේ
මිනිසුන්ගේ හඬ...............
යශොරාවයේ අම්මාට
කුස්සියට ගිහින්
ඇත්තම කියපු හඬ.......
ඉoග්‍රිසි කතාකලත්
ෆොටො ගහන්නටවත්
ගෙදර ෆුල් කිට් නොතිබුණ
වලව් වල මාලිගාව
මඩ සොදා හුනු පිරියම්
නොකරපු.............
කුඩු ,ගනිකා ,රන් හොරුන්ගේ
නාලිකා වල වලo නොසේදූ
පත්තර සිරස්තල කියවා
බැoකු ගිනුම් තර කර නොගත්.........
කොරළ වැල්ලෙන් නිහඬ කල
නිර්දොශී මිනිසුන්ගේ
අවoක එකම හඬ
නිදස්ම නිදහස් මාධ්‍ය වෙදීන්ගේ
හඬ..........................
ආදරනීය රිච්ඩ් අයියා............
Thursday, May 26, 2016
තරු එළිය
රතු තරුව පෑයුවෙ අද ඊයේ හෙට නොවේ
සුනාමිය ,ගoවතුර
නියග සහ සුලි සුලග
හමන කොට වoචාව
දුෂනය රැවටීම
උන්ට අමතක වෙනවා
තරු එලිය මග කියන ............
කෙහෙල් ගෙඩි සුජිවයා
බැලුම්ගෙඩි විමලයා
හොර බුද්ධදාසයා
හිතක් නැති තම්බියා
වැඩි චන්ද ගොඩ අරන්
කවුන්සල් අරින මුන්
තමන්ටම අරින තෙක්
බල බලා හිනැහෙමින්
කෙලව ගන්නවා අනේ
වෙලේ මී මුන් ලෙසින් ............
Friday, May 20, 2016
සමාජවාදී දොස්+තර මහතා
![]() |
දෙමව්පියන්ගේ හොද දරුවා
පoතියේ දක්ෂම සිසුවා
කැම්පස් එකේ එලම බුවා
පිකට් එකේ එකට ගියා
P.M.C විරෝධීයා
තනිකර සමාජවාදියා ............
ඉන්ටර්න් කාලේ කැපකරුවා
H.O කාලේ වැඩකරුවා
හවසට කඩයක් දැම්මා
පොඩ්ඩක් විතර ධනවාදී
එස්.ආර් වෙලා උඩට ගියා.......
මෙඩිකල් රෙෆ් ලා දොරන් ගියා
ෆාමසියට මුදල් ගියා
ලැබ් කරනා මුදලාලී
චෙක් අරගෙන ගෙදර ගියා .............
යහමින් දෙවල් ලැබුනා
සමාජවාදේ සුලගේ ගියා
පoතියේ දක්ෂම සිසුවා
කැම්පස් එකේ එලම බුවා
පිකට් එකේ එකට ගියා
P.M.C විරෝධීයා
තනිකර සමාජවාදියා ............
ඉන්ටර්න් කාලේ කැපකරුවා
H.O කාලේ වැඩකරුවා
හවසට කඩයක් දැම්මා
පොඩ්ඩක් විතර ධනවාදී
එස්.ආර් වෙලා උඩට ගියා.......
මෙඩිකල් රෙෆ් ලා දොරන් ගියා
ෆාමසියට මුදල් ගියා
ලැබ් කරනා මුදලාලී
චෙක් අරගෙන ගෙදර ගියා .............
යහමින් දෙවල් ලැබුනා
සමාජවාදේ සුලගේ ගියා
Tuesday, April 12, 2016
දියවන්නා අවුරුදු උලලේ
පත්තරවල අන්තර්ජාලයේ තිබුන
දියවන්නා අවුරුදු උලලේ ........දැක්කාම
ලියන්න හිතට ආපූ දේවල් ලිව්වනම්
බලන අය කියාවි
අසැබි කවි කියවලා
පොඩිළමයි නරක් වෙනවා කියලා
එතකොට මමත් හන්දියේ
කසිප්පු බීලා කෑ ගහන
කරුනෙ අයියා වගේ වෙනවා
ඒ නිසා මම කවිය
මෙතනින් නවත්තන්නම්
......................................
....................................
.....................................
.........................................
............................................
මේ හිස්තැන් පුරව ගන්න
දියවන්නා අවුරුදු උලලේ ........දැක්කාම
ලියන්න හිතට ආපූ දේවල් ලිව්වනම්
බලන අය කියාවි
අසැබි කවි කියවලා
පොඩිළමයි නරක් වෙනවා කියලා
එතකොට මමත් හන්දියේ
කසිප්පු බීලා කෑ ගහන
කරුනෙ අයියා වගේ වෙනවා
ඒ නිසා මම කවිය
මෙතනින් නවත්තන්නම්
......................................
....................................
.....................................
.........................................
............................................
මේ හිස්තැන් පුරව ගන්න
Saturday, April 9, 2016
අවුරුදු උදා වුනා....................
ජවාරම් කරුවන් මාධ්‍ය සමග
කොහා බදු ගන්නා
බෝනස්,පඩි ලැබෙනා
එවා උදුරා ගන්නට සේල් කරුවන් බලා ඉන්නා
ගැමි හුරුව,අපේකම
ළිද චාරිත්‍ර වාරිත්‍ර
ජන ක්‍රිඩා අදී නේක කතා
බතික් සරම් ඇදි
හොරෙන් පන්සිල් කඩන
ආචාර්ය වරු මහාචාර්ය වරු
විද්වතුන් යැයි කියා ගන්නා
නිවෙදකයා මගින් මුරුංගා ගහට නගින
කැමරාව ඉදිරියේ පොර ටොක් දෙන
පච කියන අප අහනා
චැනල් වලට ගම මතක් වෙන
එහෙම ගමක් ලංකාවෙත් නැති
අවුරුදු උදා වුනා....................
Saturday, March 19, 2016
Thursday, February 4, 2016
විසිට් එක
ගමෙම චන්ඩියා
කසිප්පු සුදාගේ පුතා
සමුපෙ කඩලා පොලොසියට අහුවෙලා...........
හරක් හොරකම් කරපු පියදාසයයි....
මිනිහා මැරිච්ච සොමා අක්කයි....
පන්සලේ කැටෙ කඩාපු පුංචයි......
හොරපොල් කඩන පොල් රන්ජයි.....
මැම්බර් තිලකයයි.......
පගා ගහලා අහුවුන ලොකු ඉස්කොලේ මහත්තයයි
කෑම බීම අරගෙන
කාඩ් බොඩ් ගහල ටින්කරින් කරන සුමනයගේ වෑන් එකෙන්
ගියා නෙව හිර ගෙදරට.............
රා විකුනන සුමන අක්කා වෙල මැද්දෙන් ගියා
දුකින්ම කියාගන ගියා ගමටම ඇසෙන්නට
කසිප්පු සුදාගේ පුතා
සමුපෙ කඩලා පොලොසියට අහුවෙලා...........
හරක් හොරකම් කරපු පියදාසයයි....
මිනිහා මැරිච්ච සොමා අක්කයි....
පන්සලේ කැටෙ කඩාපු පුංචයි......
හොරපොල් කඩන පොල් රන්ජයි.....
මැම්බර් තිලකයයි.......
පගා ගහලා අහුවුන ලොකු ඉස්කොලේ මහත්තයයි
කෑම බීම අරගෙන
කාඩ් බොඩ් ගහල ටින්කරින් කරන සුමනයගේ වෑන් එකෙන්
ගියා නෙව හිර ගෙදරට.............
රා විකුනන සුමන අක්කා වෙල මැද්දෙන් ගියා
දුකින්ම කියාගන ගියා ගමටම ඇසෙන්නට
Wednesday, January 27, 2016
බුදු හාමුදුරුවනේ එනපොට හොද නෑ.....
මල්ලව සල්වනයෙන් අධිකරනයට ආපු සුභද්‍ර
අභද්‍ර වචන කියනවා.....
නාලාගිරි පරපුරේ පැටව් හොරකම් කරපු දේවදත්ත
පාර්ශවයේ අයත් ඒකට උදව් කරනවා...........
පූගති තිස්ස හිමියන්ට සාත්තුකරන්න ඒපා කියපු
සාත්තු සෙවකයන් නොමග යවපු මක්කලී ගෝසාල
අජාසත්තට එකතුවෙලා මොර දෙනවා..........
සැරියුත් මුගලන් හාමුදුරු වරු
වගේ වගක් නැතුව
භාවනා කරනව...............
අනේ අපි
පව් ගෙවනවා........
Wednesday, January 20, 2016
මම ඒ ගැන කිසිවක් නොකීමී.
එදා ජර්මනියේ නාසීවාදීන්
පලමුව ඝාතනනය කරනු ලැබුවේ කොමිනිස්ට් වරුන්ය
මම ඒ ගැන කිසිවක් නොකීමී.
මා කොමිනිස්ට් වාදීයෙක් නොවූ නිසාය.
ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ යුදෙව්වන්ය
මා වචනයක් වත් නොකිවෙ
මා යුදෙව්වෙකු නොවන නිසාය
ඊ ලගට ඔවුන් වෘත්තිය සමිති ක්‍රියා කාරීන් මරා දැමූහ
මම නිකම් බලා සිටියෙමු
මන්ද මා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් නොවූ බැවිනි
ඔවුන් යලි කතොලිකයන් ඝාතනය කලහ
මා කුමක් කියන්නද?
ඇයි මා ප්‍රොතෙස්ත්‍රන්ත ආගමේ නෙව
අන්තිමෙදී ඔවුන් පැමිනියේ මා වෙතය
සැබවින්ම මා වෙනුවෙන් යුක්තිය කතා කිරීමට
කිසිවෙක් ඉතිරී වී නොසිටියේය.
---------මාර්ටින් නිමොලර් ----------- ජර්මනිය----------
පලමුව ඝාතනනය කරනු ලැබුවේ කොමිනිස්ට් වරුන්ය
මම ඒ ගැන කිසිවක් නොකීමී.
මා කොමිනිස්ට් වාදීයෙක් නොවූ නිසාය.
ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ යුදෙව්වන්ය
මා වචනයක් වත් නොකිවෙ
මා යුදෙව්වෙකු නොවන නිසාය
ඊ ලගට ඔවුන් වෘත්තිය සමිති ක්‍රියා කාරීන් මරා දැමූහ
මම නිකම් බලා සිටියෙමු
මන්ද මා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් නොවූ බැවිනි
ඔවුන් යලි කතොලිකයන් ඝාතනය කලහ
මා කුමක් කියන්නද?
ඇයි මා ප්‍රොතෙස්ත්‍රන්ත ආගමේ නෙව
අන්තිමෙදී ඔවුන් පැමිනියේ මා වෙතය
සැබවින්ම මා වෙනුවෙන් යුක්තිය කතා කිරීමට
කිසිවෙක් ඉතිරී වී නොසිටියේය.
---------මාර්ටින් නිමොලර් ----------- ජර්මනිය----------
Monday, January 4, 2016
චන්දරේ අය්යේ තාම මල් පිපෙනවා................
චන්දරේ අය්යේ,
මෙ මඩ වගුරෙ
ගිලෙන නෙලුම් මල්
පුබුදු වෙන්නට
භූ ගත කවි සිත
එලිය කල නුබ නිසා
ඇස් දෙකෙන්ම උනාපු
මගේ කදුළු බිදුවට
බලාපොරොත්තුව
ගෙන්නට ඉපදුන
නුබ වගේ සොහොයුරෙක්
අහිංසක සුන්දර මිනිසෙක්
තව ගොර්කි කෙනෙක්
පිපිලා ..........
සුවද දෙනවා
සදා ජය වෙවා.............!
ඔව් අපි රැක ගනිමු
ආදරනීය ටිම් රාන්......................
Subscribe to:
Posts (Atom)

















