සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 19, 2016

මිතුරු හවුල



කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන 
ගන්කධිකාරී මහතාද ,
ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන 
ඖෂධවේදියා ද ,
ළමයි ගන්න අත යට ගාන ඉල්ලන 
ගරු විදුහල්පති තුමාද ,
කට්ටි පැනලා දිස්පෙන්සරියට එන 
දොස්තර මහතාද ,
කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න 
ඉංජිනේරු මහතාද ,
මිතුරු හවුලේදී රහ මෙර බොමින් ,
අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන
හදුන්නෙත්තිගේ ගුණ ගයා 
සතුටින් විසිර ගියහ........................... 

No comments:

Post a Comment