සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 19, 2016

මිතුරු හවුල



කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන 
ගන්කධිකාරී මහතාද ,
ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන 
ඖෂධවේදියා ද ,
ළමයි ගන්න අත යට ගාන ඉල්ලන 
ගරු විදුහල්පති තුමාද ,
කට්ටි පැනලා දිස්පෙන්සරියට එන 
දොස්තර මහතාද ,
කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න 
ඉංජිනේරු මහතාද ,
මිතුරු හවුලේදී රහ මෙර බොමින් ,
අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන
හදුන්නෙත්තිගේ ගුණ ගයා 
සතුටින් විසිර ගියහ........................... 

Monday, November 14, 2016

ඉල්



පුතේ වාරූ තිබෙනව තව සිත        ගාව

නුබේ රුව මැවී පෙනෙනව       හැමදාම

නුබේ මතකයන් අරගෙන හැම වසරේම     

ඉල් සැමරුමට මම යනවා පෙර    සේම

තප්පර පැය වෙලා කාලය ගෙවිලා    ගියා

නුබෙ මතකයන් මට පමනක් ඉතුරු  වුනා

සැගවුන මතකයන් එක්වී රොද    බැදෙනා

මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා


ඈත ගම් නියම් අහුකොන        නිරන්තරේ

නුබ වැනි තවත් මල් පිපෙනව  නිරන්තරේ.

එක් කොට සුවද වත් කෙරුමට  මිනිස්පුරේ

නුබ වැනි එවුන් දහසක් ඉල් මස     සැමරේ