සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 21, 2016

ආදර්ශය

ඉරටත් කලියෙන් පාසලට ගිය

පේලී සැදි සුදු කොකුන් අතරේ

කන කොකෙක් නොව සුදුම සුදු වී

මල් පුදා පන්සිල් රැකිය ඒ .................

සදාදර හොද දරුවා සැමගේ

සමත්වී ලොකු තරග විභාග

ලැබ සම්මාන කිතු ගොස

ඩිරෙක්ටර්,ලේඛම්,අධිපති ,කුල පති

කොමසාරිස් අදී තව එකී නොකී රැස්වලලු.............

අසුරු කරමින් එජන්තයින් ,උප්පරවැට්ටිකරුවන්

දේශාපාලුවන් ,කැනහිලුන්,හොර උපාසකයින් 

ගහන්වා විස්කි ,බ්‍රැන්ඩි,වොඩ්කා  සමග බබකියු

කඩමින් පන්සිල් පද .....................

රිoගනවා නෙක තරු ගුබ්බැයම්වල

කියනවා ටොම් පච

සති අන්තයේ ගමට පැමින

උපහාර උලෙලට ............

දෙනවා පොර ටෝක් රිoගා 

රූප නාලිකා වල ඇට්ටි හැලෙන්න 

යනවා අධ්‍යයන චාරිකා මහජන මුදලින්

බහිනවා එනගමන් තයිලන්ත්යේ

යනවා පතායෝ කැඩුමට

තෙවන සිල්පදය

හොරෙන් චෙක් කරනවා එච්.අයි.වී

වී.ඩී.ආර්.එල්

මවුන්ට් එලිසබෙත්

සිoග්ගප්පූරුවෙදී...............

ගමෙ අම්මලා දරුවන්ට පෙන්වනවා

අන්න ආදර්ශයට ගනිල්ල

චරිත....................

තමලිනී අක්කා



බිදුනු තල් ගස යට
නොදැමුනුන නුබේ සිත
නිවුන විට රුදුරු ගිනි
වැටහුනා නෙවද කරුම
උරුම කරවුවන් හා උරුමය...........

හැදින මනුසත්කම්
නුබේ ගත යටි සිත
අවදිකර ලියූ පෙම් පත
කොතරම් සුන්දරද
තියුනු අසිපතක සෙවන යට ..............