ඉරටත් කලියෙන් පාසලට ගිය
පේලී සැදි සුදු කොකුන් අතරේ
කන කොකෙක් නොව සුදුම සුදු වී
මල් පුදා පන්සිල් රැකිය ඒ .................
සදාදර හොද දරුවා සැමගේ
සමත්වී ලොකු තරග විභාග
ලැබ සම්මාන කිතු ගොස
ඩිරෙක්ටර්,ලේඛම්,අධිපති ,කුල පති
කොමසාරිස් අදී තව එකී නොකී රැස්වලලු.............
අසුරු කරමින් එජන්තයින් ,උප්පරවැට්ටිකරුවන්
දේශාපාලුවන් ,කැනහිලුන්,හොර උපාසකයින්
ගහන්වා විස්කි ,බ්‍රැන්ඩි,වොඩ්කා සමග බබකියු
කඩමින් පන්සිල් පද .....................
රිoගනවා නෙක තරු ගුබ්බැයම්වල
කියනවා ටොම් පච
සති අන්තයේ ගමට පැමින
උපහාර උලෙලට ............
දෙනවා පොර ටෝක් රිoගා
රූප නාලිකා වල ඇට්ටි හැලෙන්න
යනවා අධ්‍යයන චාරිකා මහජන මුදලින්
බහිනවා එනගමන් තයිලන්ත්යේ
යනවා පතායෝ කැඩුමට
තෙවන සිල්පදය
හොරෙන් චෙක් කරනවා එච්.අයි.වී
වී.ඩී.ආර්.එල්
මවුන්ට් එලිසබෙත්
සිoග්ගප්පූරුවෙදී...............
ගමෙ අම්මලා දරුවන්ට පෙන්වනවා
අන්න ආදර්ශයට ගනිල්ල
චරිත....................
අලුත් විදිහට අපූරුවට අකුරු කරළා.
ReplyDeleteජයවේවා!!!
ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දුමින්ද සොයුරාට මට ලබා දෙන දිරියට
ReplyDeleteඇත්තටම කවියක් නිසදැසක් තිබ්බාම ඒක බලන්නමයි හිතෙන්නේ. කියවලා රස වින්දම ප්‍රතිචාරයක් දක්වන්නමයි හිතෙන්නේ. ඉතින් ඉදිරියටත් ලියමු නේද?
ReplyDeleteජයවේවා!!!