සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 8, 2015

හීන මතකය

පොල් අතු හෙවිලි කල
මැටි වරිච්චි බිත්ති වටකල
කලුවර කුස්සියේ දොරින් විත්
අඩි තුන හතරක් උස මම තරම්
මගේ පස්වැනි වියේ............
නලලට මුවතියා
උනුසුම්ව හාදු දුන්
වැන්ද විට හිස අත ගා 
හැබිලියෙන් ගෙන රුපියලක් ...........
අගයක් නොදත් මාගේ
අත මිට මෙලවු
මම මගේ අම්මාට තරම්
මගේ අම්මා ආදරය කල
ඡායා රූපයක් නැති මරන දැන්වීමේ
"පන්සල කුට්ටියේ විසූ සිරිවර්ධන හින්නි හාමිනේ"
උපාසිකා මාතාව  යැයි ලියූ
හිනයක් වගේ මතක
ආදරනීය ආත්තම්මා...................

පාලුව



කියමින් නේක කථා
හිනැහෙමින් ,බනිමින්, ඔරවමින්
හිදිනා විට පොත් මේසය ලග
උදුරමින්  පොත්,පෑන්
කොදුරමින් නේක සිංදු කෑලි
රස කෑම හදමින් සිට
අකුරු කරනට පුංචි රැසකට........
දුශ්කර ගුරු පත්වීමක්  රැගෙන
ගියා දුරකට ඈතකට
හැමදාමත්  ලග සිටි
 
එකම මිතුරිය
මගේ සොදුරිය
           
ආදරනීය චූටී...............