මගේ කව ඔබේ යැයි
ඔබ කියන හින්දා ම
සැබෑ දැයි ඒ වදන්
විමසුවා මගෙන් මම...
කැකුළු තූරුණු සුවඳ පතා
සිටවූ මල් පැළය පුරා
පිපි මල් වල සුවඳ ඔබෙද?
හිමිකරුවා ගස නොවේද?....
පීරා ගොස් සමුදුරු ගැබ
උදුරා ගත් මුතු අහුරක
අයිතිය ඔබ හට තිබේ ද?
මුතු බෙල්ලන් සතු නොවේ ද?......
සිත් පත්ලෙ ආදරෙන්
රැක ගත්ත සෙනෙහසින්
ලියූ කව මගේ මිස
ඔබෙ නොවේ කිසිකලෙක.....
නි ර් මා ණ අ යි ති ය
----මා ලා මං ග ලි කා-----