සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, January 28, 2023

අයිතිය ඔබ හට තිබේ ද?

 

මගේ කව ඔබේ යැයි

ඔබ කියන හින්දා ම

සැබෑ දැයි ඒ වදන්

විමසුවා මගෙන් මම...


කැකුළු තූරුණු සුවඳ පතා

සිටවූ මල් පැළය පුරා

පිපි මල් වල සුවඳ ඔබෙද?

හිමිකරුවා ගස නොවේද?....


පීරා ගොස් සමුදුරු ගැබ

උදුරා ගත් මුතු අහුරක

අයිතිය ඔබ හට තිබේ ද?

මුතු බෙල්ලන් සතු නොවේ ද?......


සිත් පත්ලෙ ආදරෙන්

රැක ගත්ත සෙනෙහසින්

ලියූ කව මගේ මිස

ඔබෙ නොවේ කිසිකලෙක.....


නි ර් මා ණ  අ  යි ති ය

----මා ලා  මං ග ලි කා----- 





5 comments:

  1. //ලියූ කව මගේ මිස
    ඔබෙ නොවේ කිසිකලෙක//... අපූරුයි 💔!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරය වටිනවා අපිට සුන්දරයි

      Delete
  2. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
    අපගේ සින්ඩියේ පලකොට ඇට්zහි පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාර වලට ,මම සහභාගී වෙන්න කැමත්තෙමි ,මගේ අංකය 0702666309

      Delete
  3. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete