සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, February 11, 2023

නොදකින මට

 නොතේරේ තවම මට 

ආදරයේ සොඳුරු හැගුම්

ඔබෙ දෑසින් ගලා හැලේ....

සිත කළඹන වදන් වැලක්

සවන් පුරා නිතර ඇදේ...

නොපෙනෙන හෙට

නොදකින මට

සොඳුරු ලොවක

දසුන් මැවේ...

ඔබ මගෙ යැයි

මා ඔබෙ යැයි

නිතරම ඔබ

කියනු ඇසේ....

දෑස වසා එබෙන කලට

පැනයක් මා

සිතට නැගේ....

සැබවින් ඔබ

සිත පත්ලේ

මා වෙනුවෙන්

ඉඩ තිබේ ද?...

සඳ එළියට

මංමත් වූ

කණමැදිරියා

මා නොවේ ද?


නි ර් මා ණ  අ  යි ති ය

----මා ලා  මං ග ලි කා-----



No comments:

Post a Comment