පුරා විසි වසරක් ගෙවී ගොස්
දුටුව නාවල හන්දියේ
අපි තැබිලි බී පවස නිමවූ
සිසිල දුන් කොට්ටම්බ ගසේ .............
හිතා ගන්නට බැරි තරම් උස
ඉහළ ගොස් ඇත කද ගසේ
සිතේ තනිකම තවම තියෙනව
ගසේ උසට්ම රිසි ලෙසේ........
සිනා කෙලි කවටින් පිරි ගිය
සොදුරු සැගවුන ඒ යුගේ
ජිවිතේ යලි එන්නේ නැති බව
දන්නේ අපි දෙන්නාම නේ ............