සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, September 30, 2021

කොහේ විසිරි ගියේද ප්‍රේමය

 හිතක් පිරුනා ප්‍රේමයෙන් 
අකුරු කල පින් බිමක සුපිපුණ 
විදුලි පරිපථ තුල ගලා ගිය  
ඇදපු සිතුවම් වලම බොද වුන 
නුබට මට අමතකම  නොම වෙන ........

සිත් තුලින් අප දෙදෙන හැදුනුව 
කිසි දිනක වෙන් නොවන බව සිතු 
නුබට පමණක් හදේ ලියවුන 
කොහේ වියැකී ගියේ ඒ පෙම ......

සතුට සමගින් සිව්  වසක් තුල
එකට සිට ගත් දැනුම සමගින 
සිහිනයක් ලෙස සිත ඉතිරි කල 

කොහේ විසිරි ගියේද ප්‍රේමය .......... 


Thursday, September 23, 2021

ජාතියක් නැති ගැහැනියක් ඇති




පුස්තාකාලෙට ගිනි තැබූ වුන්      
ශුද්ධ මනුදම්  වැනසුවා
සුළගේ පා වුන කඩදාසි වල
අකුරු හඩමින් ඉගිලුනා ...........
මන්ද අනුමත කලේ මිනිසුනි
හදවතින් ලේ විසිවුනා
දමිල සිංහල  දැනුම පොලවට
සැමට එක ලෙස ගැලපුනා ......
බලය මෝහය උපන් නොමිනිස්
හිත් අදුරු කම පැතුරුවා
ජාතියක් නැති ගැහනියක් ඇති
මිනිස්කම ලොව දිලිසුනා
අසුන්දර ඒ අදුරු දිනයක
උල ලේන්  හඩ පතුරුනා ............


 

Wednesday, September 22, 2021

මිනිසත් කමට ඒ දේවල් මතක නැත ........

 සාම්පල අරන් වැල මිට ලගින් නවා
කොළ වල ලියපු අකුරින් ඇස් උඩට ගියා
මේ වගේ පරීක්ෂණ නුබටත් කරයි කියා
පන්සල් බෝමළුවේ කී කව් සුළගේ ගියා .......
පහේ පන්තියෙන් නුබ ගම ඇතුලේ තියා
අග නගරයේ පාසලේ මං ඉහලා ගියා
මේ වෙද නලාවට පපුවේ හඩ පුපුරා
සුහුබුල් පෙමක සිත ගැලවී ඉගිල ගියා ..
ගොවිතැන් කරන කිරි කපනා අම්මාගේ
දියණිය නුබයි මම නොගියපු ඒ පාරේ
මාගන්ධියා ,සිරිමා ගැන ඇහු කාලේ
නුබ මේ ලෙසට ඇයි මා හමුවට ආවේ ....
හඩන්නට කදුළු නැති ඔය ඇස් දෙකට
මම පෙම් කලෙමි මල් වයසේ පෙර සිටම
යා දෙක නොරත රත පෑහිමක්ම නැත
මිනිසත් කමට ඒ දේවල් මතක නැත ........