කිංසි පාරේ හොස්ටල් එක
දකින කොට.......
පුංචි බොරැල්ලේ පටු මාවත් දිගේ
පරන ගොඩනැගිලි අතරින්
උදේ හවස යනකොට
සිහිවෙනවා ඒ ප්‍රානවත් නුබ රුව
දුක හිතෙන්වා ජීවත් වීම ගැන
මෙවා දකින්නට
ඇල් මැරුනු පී.එම්.සී විරෝධී පොස්ටර් මැද
ලැප්ටොප් වල ෆේස් බුක් යන
සෙල් පොන් වල තනිවුන
ආශ්චර්යයේ නංගිලා මල්ලීලා
විවෙක කාලයට විතරක්
ලිප්ටන් ගිහිල්ලා පැයක් කෑ ගහලා
අයිමත් තනිවෙලා......
මාලබේ හුබහේ බල්ලෙක් මුරට දමල
ඌ ලවක් දෙවක් නැතිව
මුදලාලී බේර ගන්න බුරනවා
හිරේ ගියත් ලැජ්ජාවක් නෑ
නිදහස් අධ්‍යාපනය කොහිද?