කවි සිත්තම
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Thursday, May 21, 2026
Friday, March 27, 2026
ඇසෙන විට නිල් දියවරේ හඩ
ඇසෙන විට නිල් දියවරේ හඩ
මතකයට එනවාද ඒ දින
ටයිටැනික් ගීතයේ සත්සර
අපේ ප්‍රේමය සුවද නේ මද ....................
තුරුණු සර රුහුනෙන්ම කියවුන
ඔබට ලියවුන මගේ කවි පද
නුබත් නොපෙනී ගියා දිනයක
මමත් ඒ කවි ලියමි අද දින ...................
ඇසෙන විට නිල් දියවරේ හඩ..................
ගෙවී ගොස් විසි වසක් පසුවද
මතකයට ඇත සිතේ කෙලවර
අදත් යන එන මගදී හමුවන
නෙත් තුලින් සොයනෙමිය ඒ නෙත .............
ඇසෙන විට නිල් දියවරේ හඩ..................
Saturday, February 28, 2026
මගේ මතකය තාරාවෝ ඉගිලෙති සමග
1987 එක්තාරා සෙනසුරාදා දිනයක අපේ නිවසට පැමිණියේ අපේ හිතවත් අය්යාකෙනෙක් (පිටබැද්දර ප්‍රදේශයේ )මට ඔහු ගැන දැන් හරි මතකයක් නැත ,ඔහු 70 දශකයේ අග අප නිවසේ සිට අපේ ගමේ ගැරේජ් එකෙක පුහුණුවට ගියා යයි අම්මා කියා ඇත .මම ඔහු සොයමි .ඔහු කවරෙක් වුවත් ඉතා උසස් රසිකතත්වයක් හිමි අයෙකි එය ඉතා වටිනා ලක්ෂණයකි .මම එයට ගරු කරමි ,ඔහු මා සමග මාතර රාහුල රගහළේ පැවැත්වෙන එක්තරා නාට්‍යක් බැලීමට මා රැගෙන ගියේය .මා උතුම් රසිකත්වයට තල්ලු කර දැමු ඒ සොහොයුරාට මම හිස නමා අචාර කරමි .
එදා තාරාවෝ ඉගිලෙති නාට්‍ය මා දුටුවෙමි ,
අධ්‍යක්‍ෂණය-ලූෂන් බුලත්සිංහල සංගීතය -ගුණදාස කපුගේ
පලමු වතාවේ සිටි රංගන ශිල්පීන්
විජය නන්දසිරි
රොඩ්නි වර්ණකුල
ජැක්සන් ඇන්තනි
ජයලත් මනෝරත්න
මර්සි එදිරිසිංහ
අනුලා බුලත්සිංහල
ගාමිණී සමරකෝන්
යූ.ආරියවිමල්
නීල් අලස්
අද 2026 පෙබරවාරි 27 වෙනිදා හෝමාගම මොරටුව විශ්ව විද්‍යාලිය ආදී අපේ සුන්දර සහෘදයින්ගේ සංවිධනයෙන් අපේ සොයුරු නිශ්නත්න විකමසිංහ සොහොයුරාගේ ආදරණිය ආරාධනයෙන් අපි එය නැවත බලා රස වින්දෙමු .ඔබ සැමට ස්තුතියි !
වර්තමානයේ රංගනයේ යෙදෙන රංගන ශිල්පීන්
තිලාන් වර්නජිත්
මහේෂ් උයන්වත්ත
ලසදුනි ජයවර්ධන
ඉන්දික ජයසිංහ
පර්නී රෝෂිනී
අනුර බන්ඩාර රාජගුරු
සමිත සුගීස්වර
ඇත්තටම එහි කතාව කුමක්ද ?
📜 එදා (1970 දශකය)
-
🇱🇰 නව රංග ශෛලියක් හඳුන්වාදුන් නාට්‍යයකි.
-
සමාජයේ මධ්‍යම පන්තියේ ජීවිත අර්බුද පෙන්වයි.
-
බලාපොරොත්තු, ආදරය, වංචාව, හා අසාර්ථක සිහින ප්‍රධාන තේමා වේ.
-
“තාරාවෝ” (පක්ෂීන්) යනු නිදහස හා ඉහළ යාමට ඇති ආසාව සංකේත කරයි.
-
වේදිකා සැරසිලි සරල වුවද සංවාද බරපතල හා තාත්වික විය.
👉 එදා මේ නාට්‍යය නව යුගයක ආරම්භයක් ලෙස සලකනු ලැබීය.
1️⃣ ප්‍රධාන පුරුෂ චරිතය
ලක්ෂණ:
-
සිහින බලාපොරොත්තු ඇතිව ජීවිතය ඉහළට ගෙනයාමට කැමති පුද්ගලයෙක්
-
මධ්‍යම පන්තියේ සීමාවන් අතර හිරවෙලා ඉන්නවා
-
ආදරය, මුදල්, සමාජ ගෞරවය අතර ගැටුමක්
විශ්ලේෂණය:
මෙම චරිතය “තාරාවා” ලෙස සංකේත වේ.
ඉගිලෙන්න උත්සාහ කරන නමුත් සමාජය හා යථාර්ථය නිසා බිඳ වැටෙන මිනිසා නිරූපණය කරයි
2️⃣ ප්‍රධාන ස්ත්‍රී චරිතය
ලක්ෂණ:
-
ආදරය හා ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා
-
ආර්ථික ස්ථාවරභාවය ගැන සැලකිලිමත්
-
හැඟීම් හා ප්‍රායෝගික චින්තනය අතර ගැටුමක්
විශ්ලේෂණය:
ඇය සමාජ යථාර්ථය නියෝජනය කරයි.
සිහිනවලට වඩා ජීවිතයේ ආරක්ෂාව වැදගත් බව පෙන්වයි.
3️⃣ සහාය චරිත
-
සමාජය නියෝජනය කරන පුද්ගලයින්
-
වංචාකාර, අභිලාෂාකාර, හෝ අවස්ථාවාදී චරිත
-
ප්‍රධාන චරිතයේ බිඳ වැටීම වැඩි කරන බලවේග
විශ්ලේෂණය:
මෙම චරිත මඟින් සමාජයේ පීඩනය, අසමානතාව හා වංචාව ඉස්මතු කරයි.
🎯 සමස්ත අදහස
සියලු චරිත එකට ගත් විට,
👉 මනුෂ්‍යයාගේ සිහින සහ සමාජ සීමා අතර ගැටුම නාට්‍යයේ මූලික තේමාවයි.
👉 “තාරාවෝ ඉගිලෙති” කියන නාමයම, ඉහළට යාමට උත්සාහ කරන නමුත් බොහෝවිට වැටෙන ජීවිතය සංකේත කරයි.
Wednesday, February 4, 2026
Saturday, January 25, 2025
තරු එලිය
ලොවම නිදනා සොදුරු යාමේ
කළු වලාකුල් නොමැති අබරේ
එකම එක තනි තාරක්වක්
මග කියන්නට පෙරට ආවේ .............
මග අසාගෙන පුංචි තරුවෙන්
ගෙවා ගිය කල දුර ගමන්
නොදැනීම හිරු නැගී ආවා
තරුව නොපෙනී ගියේ සැනින් .....
අතොරක් දුක් ගැහැට විදින්ට
සිදු වුනා හිරු සැඩ කමින්
නිහඩ සමයක පෙනුන තරුවක
අරුත හැදිනෙමි මම ඉතිං .............
Wednesday, October 23, 2024
ඒ ආදරේ සුන්දරත්වය
මම දැක්කා ඒ දෙන්නගේ ආදරය 7 වසරේදී ඒ දෙන්නා උසස්පෙළ ගණිතය කලේ ,ඒ ආදරේ සුන්දරත්වයට 7 වසරේ පුංචි මම ආශිර්වාද කළා ඉත සිතින් මගේ යටි සිතින් .11 වසරේදී ඔයාලා දෙන්නගේ කතාව මම ඇහුව්වා , රුපවාහියෙන් දුටුවා ,කරුණාසේන ජයලත් ඔය දෙන්නා එකතු කරලා වෙන් කරලා ලොකු ආන්දෝලනයක් ඇති කළා ,එක සුන්දර විරහවක් වුනා .මට සුගත් වෙන්න වත් ,දම්මි කෙනෙක් වත් හමුවුනේ නැහැ ,ඉස්කෝලෙදි ,මොකක්දෝ පුංචි බයක් තිබුනා මටත් එක තෙරුන් ගන්න බැරි වුනා එදා ,උසස්පෙළ පන්තියේදී අර 7 වසරේදී දැකපු දෙන්නා වෙන් වෙලා ගියාලු ,ඒ එක්කෙනෙක් අනිත් කෙනාගේ නම කව්කට්ටෙන් කොටලා තිබුන පොතක් මට යාලුවෙක් පෙන්නුවා .එක මට ලොකු කම්පනයක් ඇති කළා .මට වුනේ නැති වුනත් වුනා වගේ ,ඉස්කෝලේ දෙන්නයි ගොළු හදවතේ ඔය දෙන්නයි මම සමානකම් හෙව්වා සුගත් හා ඉස්කෝලේ අය්යයි දෙන්නම එකම ලක්ෂණ තිබුනා .පෙනුම් පොඩ්ඩක් වෙනස් හැසිරීම එක වගෙයි ,දම්මි නම් ඉස්කෝලේ එක්කෙනා කොන්ඩේ කොට්ට කපලා හිටියා මුහුණේ පිම්පල් නිසා රතු වෙලා දෙන්නම සුදුයි ලස්සනයි .ඔහොම කාලයා ගෙවිලා ගියා ,
කොහොම හරි දම්මි හමු වුනා ,ඒ කැම්පස් එකේදී
එක සුන්දරයි . එක කියන්නම් පද කීපයකින්
දයාබර දම්මි,
ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට
හමුවුනේ නැහැ......
කැම්පස් එකේ හතර අවුරුද්දේ
අහලකටවත් ආවේ නැති ඔයා
ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ
මම දැක්කා
බිව්වේ නැතුවම් මම
හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින්
මං තරහ නැහැ
මිට......
සුගත්
Monday, July 29, 2024
ඉසුරුමුනියේ පෙම් යුවල නම්
ඉසුරුමුනියේ පෙම් යුවල නම්
වෙන් වෙන්න පෙර ගල් වුනා
පුරා දහතුන් වසක් සිටි නුබ
නොකියාම යන්නට ගියා …………………
නුබද මට දුන් මා නුබට දුන්
ප්‍රේමයක් ශේශව ගියා
නොරත රත යා දෙකම බොද වි
වෙන් වෙලා මැකිලා ගියා …………….
සොබා දහමට මිනිස් වගයට
මුහුන දෙන්නට බැරි වුනා
අපි අපෙ නොව තනි චරිත වි
Friday, June 21, 2024
සිව් වසරක් තුල පෙම් සිහිවටනය
සිව් වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු සතුටක් වේවා
මින් මතු කිසිදා ලබන සැදාවක
අප නෙතු හමු වේවා !
සුදර්ශි පියසේ chemistry යායේ
රාහුල පාරේ තුරු සෙවනැල්ලේ
නිහඩව වැලපෙන මගේ පෙම් සටහන්
මගේ සිතින් යලි මැකී නොයාවි ................
නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ
මින් මතු දිනයක අප දෙදෙනා ..........
කුණු ඇල පාරේ ගුරු කුල අයිනේ
නුපේ හන්දියේ පොලිසිය පාරේ
අදත් දකින විට මතුවන හැගුමන්
දෙසිතක සැගවී මැකී නොයාවි
නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ
මින් මතු දිනයක අප දෙදෙනා ..........
Friday, April 5, 2024
අම්මා
පුතේ උඹ මට රජෙක් කී යැයි.
අම්මගේ හඬ ඇසෙනවා.
අම්මා දුන් රජ කිරුල ඔලුවේ.
දිලිසෙමින් හිත හඬනවා........
රජ කරන්නට දිරි දෙමින් මට.
අම්ම ගත් දිරි දැනෙනවා.
මගේ අම්මට හැමදාම මම.
බුදුන් වෙන්නට පතනවා...........
කාලයෙන් ආපස්ස වෙත ගොස්.
තුරුලු වෙන්නට හිතෙනවා.
එදා මගේ දුක් කඳුළු පිස දෑ.
අම්මා කොහේ දැයි සොයනවා.........
කිසිත් නොමැතිව ලොවේ කොතැනක.
තනිකමක් මට දැනෙනවා.
අනේ අම්මේ ඒ කතාබහ.
හීනෙනුත් මට ඇසෙනවා............
Friday, July 7, 2023
~~ නූතන සත්ති කුම්භ දා වත ~~
එකම කඳවුරේ ඉඳිමින්
අවි පුහුණුව ලබා එකට
හොදම වෙඩික්කරුවන් වී
මුල් ඇගයුම ලබා සමව
තරු පටි වල අණ පිළිපැද
ගාමිණී ආවා උතුරට
කටු දෙණිවල වන බිම්වල
රැක සිටියා රුපු ගිනිභට
ගරු මැතිඳගෙ ඔෆර් එකට
අමරේ ආවා දකුණට
කාර් බාර් මන්දිරවල
රැක සිටියා කය ඍජු කොට
අලිමංකඩ කදවුර බිඳ
පර සතුරා නැගි හෙනකඳ
එනු වලකා එඩි පෑ සඳ
හෙළ දෙරණට විය සකි සද
ගරු මැතිඳා පවරපු වැඩ
මිලි නමයට පිහි තුඩකට
ඉටු කෙරුවා කෙස් ගහටම
සිඹ පාතාලයේ පතුලම
සීල් තියපු දෙන කරමත
සිංහ කොඩිය ඇත ඒ මත
ගාමිණි නිහඬයි හිතවත
වෙඩිමුර හඬවයි හදවත
තවත් බොහෝ රහස් අතර
සැඟ වූ අවි එයි මුලටම
අමරෙ නිහඬ නොකලානම්
කැළඹෙයි පරසක්වලක්ම
විරුවන් නරුමයන් අතර
තරණය වන සහසක් සිත්
එකට ගැටී අකුණු වැදී
මල හිරු වැටුණා මුහුදට
ගිගුම් හඬට මුහුණ නොදී
සැඟව ගියා අටවක සඳ
එකම අහස ඉහළ ඉඳන්
මේ හැම සන්තෑසියක්ම
නොදුටුව සේ ඉන්නා සැටි
සැගවිය හැක දැන් කදිමට
නිර්මාණ අයිතිය
~~සේනක පල්ලියගුරුගේ~~



