සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 4, 2018

යකඩ සිල්පර

විමල් උදය හපුගොඩ ආරච්චි මහතා ලියු මෙවර ස්වර්ණ පුස්තක සම්මනය සදහා නිර්දේශි වූ යකඩ සිල්පර පොතේ සදහන් වුන කරුණු අපට අද දවසේද වැදගත් යයි සිතෙන කොටස් ටිකක පල කලෙමි.











Saturday, October 20, 2018

මහා මායා

බුදුන්ටත් වරමක් දෙමින් සොද 
මහා මායා පැතුවා සේ 
මටත් පැතුමන් පතා ඒ ලෙස 
ඇයිද නෙතු අසරණ කලේ .................
දරා දසමස් කුස හොවා ගෙන 
උන්හපුලු දෙන සේ එදා 
මහා සයුරක ජල බිදිති ලෙස 
නුබේ පෙම ලොව රජ කළා ....
නුබේ ලෝකයේ එකම රජු මා 
කිරුළු හිසමත රදවලා 
මේ තරම් ප්‍රේමයක් යමෙකුට 
නොමැත කිසි දින හමු වෙලා .....

Thursday, October 18, 2018

සතුට


ඉඩක් දෙනු මැන මටත් චුට්ටක් 
නුබලගේ බංකුව බෙදා ...
මමත් හිටියා තාම මතකයි 
ඔය වගේ බලමින් එදා .......
දුගී දුපත් මගේ හිත අද 
හඩනවා නුබලා නිසා 
කුමන කරුමෙද කවුරු කෙරුවේද
 අපි එකම බන්කුවේ සදා .......
හිනා අහිදින පාට ලෝකය
 හරිම බියකරු වේ මෙදා
 සෑම කල් අපි හිදිමු ඔය ලෙස
 ඒ සතුට නොනිමෙයි සදා ............ 

Thursday, August 23, 2018

ඉතිං ඊට පස්සේ ...........



නන්දෙ අය්යගේ බයිසිකල් කඩේ
පිටිපස්සේ ඉදං කියෙව්වා
සිරිපාලගේ සැලුන් එකේ බංකුවේ
වැඩිවෙලා කියෙව්වා.......
ලොකු පන්තිවල අය්යා කෙනෙක්
ඩෙස්ක් එකේ කොටලා ඇදල  තිබුනා...
ඒ දෙන්නා එකතු වෙයි කියලා හිතාගෙන
ඊලග සතියේ එක පිට වෙනකන්
ඇගිලි ගැන්නා ....
දන්නෙම නැතුව කාලය ගෙවිලා ගියා
දේදුනුට කැලුම් ලැබුනද දන්නේ නැහැ
මට නම් එයා නැති වුනා
ඒකත් හිතෙන මැකිලා ගියා
ඒ අතරේ බලංගොඩ සරත් මදූ
අපිව තනිකරලා යන්නම ගියා ..................

Sunday, May 13, 2018

දෙව්දත්ගේ මිනිස්සු



පටාචාරා ,
යන්න එපා දෙව්රමට 
බුදුන් වහන්සේ නෑ 
   එතන ..........
දෙව්දත්ගේ මිනිස්සු 
ඉන්නවා 
පොලු තියාගෙන 
          ගහන්න ...........

Thursday, May 3, 2018

කවියක රසය ඒ දුක රසවත් කරතේ .........

සිහි කොට මැකීගිය අපගේ අතීතය 
මතු කොට සිහි කරයි පත් ඉරු මුතු අකුර 
නුබ මා ඇවිද ගිය පටු මාවත් අතර 
තනි සිත සක්මනේ නුබ සමගින් නිබද .....

දරු දැරියන් සමග නුබ යනු ඇතැයි සිතයි
මා ගැන මතකයන් අවදිව බොදව යතැයි 
පෙර කී කථා කිමිදී සිත යටම කරන් 
සමුගත් දිනය තවමත් සිහිනයකි ඉතිං 


මල් විය ඉක්මිලා මැදිවිය පැමිණි ඇතේ 
දරු දැරියනුත් මල් විය වැට ලග හිදිතේ 
නුබ දුන් සොදුරු දුක මා සිත තවම තිබේ 
කවියක රසය ඒ දුක රසවත් කරතේ .........

Saturday, April 21, 2018

කතා කරලා යන්න නැවත අප හමු වන්න ............








කොහේ හරි හමු වුනොත් කතා කරලා යන්න 
කෙළිකවට සිනා තිබු අපේ පොඩි පන්තිවල
 අමතකව යන්නේ නැති සුන්දරවූ මල් වයස
මැරෙනකම් මතකේ ඇති අපේ ඒ සොයුරුකම .....

වෙල්යාය මැදින් ආ සිත හසරැල් පවන 
පොත් පෑන් අච්චු පොත් අතර මැකිලා නොගිය 
අරලියා මල් දෙවැටේ වැටී සැගවී නොගිය 
කතා කරලා යන්න නැවත අප හමු වන්න ............

සුදු පාට රැලි  ගවුම ,නීල කලිසම් පොඩිය 
රතු පාට කහ පාට ඉරි වැටුන ටයි පටිය 
සිනුවේ නද නැගුන උදේ පාසල් සැසිය 
අපේ මතකයේ සැරිසරයි හැම උදයේම .......

අක්කේ අය්යේ කියා මුව අයා කතා කල 
නංගි මල්ලී කියා ආදරෙන් හිනැහෙන්න 
අයෙමත් හමු වෙමුද මතකයට පන දෙන්න 
අපේ පාසල් බිමේ එක දිනක් හිනැහෙන්න ......

Tuesday, April 3, 2018

නුබත් ආවා මෙමා දුටුවා .......

මිට අවුරුදු විස්සකට පෙර 
ඩෙනිම් කලිසම් නොමැති කලෙක 
දුබුරු පාටැති ඒ සොදුරු මග  
දෙස බලා සිටියානේ දවසක  
ටච් පොන් ගෙන ඩෙනිම් ඇදගෙන 
සන් ග්ලාස් ඇස දමා වට කොට.............
පිටේ එල්ලුන ගමන් මලු ඇති 
සිනා කෙලි කවටක් මුවේ නැති 
තමන් තනි  ලොව අතර මං වුන 
හෙඩ් ගැජට්ටුව දෙසවනේ ඇති 
කොහේ යනවද දන්නෙවත් නැති 
අපි එදා සිහිනෙන්නුත් නොදුටුව 
ලෝකයක එක මුල්ලකට වී 
යොවුන් නව කුමරියන් අතරින් 
සිනා සී පොත් මල්ල අරගෙන 
චාම් මල් ගවුමෙන් සැදී ගෙන 
නුබත් ආවා අතීතයේ සිට ...........

Sunday, April 1, 2018

කැම්පස් බුවා


අර ගුරුතුමියට චරිත සහතිකය ලියලා දෙන්න බැරි දේවල් කරපු දඩබ්බර කොල්ලා කොහොම හරි උසස් පෙළ ගොඩ දා ගෙන කැම්පස් ගියා එත් මිනිහා වෙනස් වුනේ නැහැ.මම හිතන්නේ මෙහෙම් වුනේ එයා තමයි.

රැග් එකට හැංගිලා 
               කැම් පසේ කොන් නොවුණු 
අලයන්ට බය නොවී 
ඉදිරියට පැන ආපූ .........
කැල්ලක් එල්ලගෙන 
මුළු වලට ගොනු නොවුණු 
රබර් කටු දමාගෙන කළා 
උළෙලක් කරපු............
නුගේගොඩ මහපාරේ 
කැටේ අරගෙන ගියපු 
විදී නැටුමක් නටා 
අන්තරේ ගොඩ දාපු........
නොහදුනන පන්හිදක 
ප්‍රකම්පිත නද ලියපු 
ලේචාලට කවි ලියලා 
උන්ට මල පන්නවපු ........
පිට කොටුවේ වට රවුමේ 
පොලු කදුළු ගුටි කාපු 
පෝස්ටර් ගහන්නට 
බිත්තිවල බඩ ගාපු.........
බොරැල්ලේ බෝඩිමට 
කීප සැරයක් ගියපු 
ඩින් ලට වී.සී ට 
දෙකට නොනැමී හිටපු .....
උපාධියේ ලෝගුවට යට නොවී 
වැඩ කරපු 
ෆස්ට් ක්ලාස් විසි කරලා 
කැම්පසේ වැට පැනපු..........
අලයන්ගේ ,ජෙප්පන්ගේ 
මල ගෙදර වල කපපු 
ගොක් තෝරන් කොඩි දමලා 
නිදි මරල බිම නිදපු ........
අරමුණක් නැත කියා 
පෙම්වතිය හැර ගියපු 
උතුම් අරමුණක් වෙත 
ජීවිතය කැප කරපු ........
නිෂ්මි,රන්ජිදම්,වෙනුරට 
යලිත් පන දීපු 
ඉකි බිදින පරපුරක 
හසරැල්ල නීති පතපු........
සැවොම එක මිනිසුන්ය 
එකම ලේ ඇග රැදුණු 
කියා දුන් නුබේ වචන 
තවම රැව් දේ මිතුරු ......

Saturday, March 31, 2018

මුණු පොතෙන් උපුටා ගත් සංවේදී කව

2007 දිවයින පත්තරේ  (අගෝස්තු 1 වෙනිදා "තෝතැන්න "හි )පලවුන කවියක් ,මේක ලියල තියෙන්නේ එච් ඩබ්ලිව් කරුණා වාසල කිරිදිවැල ම ම විදුහල යනුවෙන් සදහන් වුනා . මෙහෙම දරුවන් තවමත් ඉන්නවා පාසල් වල අපේ පන්තියත් හිටියා මෙහෙම කෙනක් මට මතකයි මේ කවි පේලිය හිතට ලොකු දුකක් ඇති කරනව.

චතුරංග තිලකගේ මුහුණු පොතේ පල කරලා තිබුනා