සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, January 25, 2025

තරු එලිය

 ලොවම නිදනා සොදුරු යාමේ 

කළු වලාකුල් නොමැති අබරේ 

එකම එක තනි තාරක්වක් 

මග කියන්නට පෙරට ආවේ .............


මග අසාගෙන පුංචි තරුවෙන් 

ගෙවා ගිය කල දුර ගමන් 

නොදැනීම හිරු නැගී ආවා 

තරුව නොපෙනී ගියේ සැනින් .....


අතොරක් දුක් ගැහැට විදින්ට 

සිදු වුනා හිරු සැඩ කමින් 

නිහඩ සමයක පෙනුන  තරුවක 

අරුත හැදිනෙමි මම ඉතිං .............

1 comment:

  1. හිරුත් සෞම්‍ය වෙන වෙලාවල් තියනවා!

    ReplyDelete