මම දැක්කා ඒ දෙන්නගේ ආදරය 7 වසරේදී ඒ දෙන්නා උසස්පෙළ ගණිතය කලේ ,ඒ ආදරේ සුන්දරත්වයට 7 වසරේ පුංචි මම ආශිර්වාද කළා ඉත සිතින් මගේ යටි සිතින් .11 වසරේදී ඔයාලා දෙන්නගේ කතාව මම ඇහුව්වා , රුපවාහියෙන් දුටුවා ,කරුණාසේන ජයලත් ඔය දෙන්නා එකතු කරලා වෙන් කරලා ලොකු ආන්දෝලනයක් ඇති කළා ,එක සුන්දර විරහවක් වුනා .මට සුගත් වෙන්න වත් ,දම්මි කෙනෙක් වත් හමුවුනේ නැහැ ,ඉස්කෝලෙදි ,මොකක්දෝ පුංචි බයක් තිබුනා මටත් එක තෙරුන් ගන්න බැරි වුනා එදා ,උසස්පෙළ පන්තියේදී අර 7 වසරේදී දැකපු දෙන්නා වෙන් වෙලා ගියාලු ,ඒ එක්කෙනෙක් අනිත් කෙනාගේ නම කව්කට්ටෙන් කොටලා තිබුන පොතක් මට යාලුවෙක් පෙන්නුවා .එක මට ලොකු කම්පනයක් ඇති කළා .මට වුනේ නැති වුනත් වුනා වගේ ,ඉස්කෝලේ දෙන්නයි ගොළු හදවතේ ඔය දෙන්නයි මම සමානකම් හෙව්වා සුගත් හා ඉස්කෝලේ අය්යයි දෙන්නම එකම ලක්ෂණ තිබුනා .පෙනුම් පොඩ්ඩක් වෙනස් හැසිරීම එක වගෙයි ,දම්මි නම් ඉස්කෝලේ එක්කෙනා කොන්ඩේ කොට්ට කපලා හිටියා මුහුණේ පිම්පල් නිසා රතු වෙලා දෙන්නම සුදුයි ලස්සනයි .ඔහොම කාලයා ගෙවිලා ගියා ,
කොහොම හරි දම්මි හමු වුනා ,ඒ කැම්පස් එකේදී
එක සුන්දරයි . එක කියන්නම් පද කීපයකින්
දයාබර දම්මි,
ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට
හමුවුනේ නැහැ......
කැම්පස් එකේ හතර අවුරුද්දේ
අහලකටවත් ආවේ නැති ඔයා
ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ
මම දැක්කා
බිව්වේ නැතුවම් මම
හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින්
මං තරහ නැහැ
මිට......
සුගත්
මට මේක දැක්කම මතක් වුණා මං සාමාන්‍ය පෙළ තෙක් ඉගෙනගත්තු පාසලේ උන්න මෙහෙම කපල් එකක්. එතකොට අපි දහය වසරෙ විතර ඇති. උසස්පෙළ විද්‍යා විෂයන් කරපු, බොහොම සාමාන්‍ය පෙනුමක් තිබ්බ, වැඩිය ලෝකෙට පේන්නම ආදරේ කළෙත් නැති, ඒත් දෙන්නා අතර ආදරයක් තියනව කියල හැමෝටම පෙනුණ ආදරවන්තයො දෙන්නෙක්.. මං උසස්පෙළ කරන්න වෙන පාසලකට යද්දි එයාලාත් ඉගෙනුම අවසන් කරල ගිහින් තිබුණ. හැබැයි අවුරුදු ගාණකට පස්සෙ කූල් ප්ලැනට් එකේදි දෙන්නා පරිණත යුවළක් වෙලා අත් අල්ලගෙන ඉන්නව දැක්කා. ඩිෆයින් කරන්න තේරෙන්නෙ නැති සන්තෝසයක් දැනුණෙ මට.
ReplyDeleteචමත්කාරය තියෙන්නේ ළඟට ආවේ නැති එකයි. ආවා නම් සටහන මීට වෙනස් වෙන්න තිබුණා.
ReplyDelete💖💔...
ReplyDelete