සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 23, 2014

කම්බ හොරා පැන්නීම


වනන්තරේ හොර හවුලේ
කම්බ හොරයි උගේ රොත්තයි
කනවා ඔක්කොම වස්තුව
නොදී අනෙක් හොර හැත්තට
නොමග ගියපු ගම් වැසියන්
හරිමග ගිය පුරවැසියන්
එකතු වෙලා කතිකා කොට
පත් කෙරුවා තරගයකට 
කම්බ හොරා පන්නන්නට
හොර මුලේම හොරෙන් කාපු
සද්ගුනවත් තවත්
හොරක්....................

කරඩුව වැඩම වීම.


83 කලු ජූලියේ
ගමේ දෙමළු හොයා මරපු
රෑට  රෑට මිනිස්සු නැති
ගෑනුන්ගේ තනිය රැකපු
දවල් ජාමේ ගමේ අයට
හොර අරක්කු පෙරා දුන්නු
චන්දෙට වැඩ කරල ගොහින්
මැම්බර්කම උදුර ගත්තු
සද්ගුනවත් සම විනිසුරු
දැක්කම පුටුවෙන් නැගිටපු
නම්බුකාර ලොක්කේ අය්යා
කරඩුව හිස මත තබාපු
සාධු සාධු අපිත් කියමු
අනේ ඉතිං අපට සාධූ


Sunday, November 16, 2014

පිය සිතුවිල්ල

කොහේදෝ දුර ඈත රටකට

පියබලා ගොස් තටු සලා

මමයි අම්මයි මග බලන් ඇත

ඉදිරි දොරවෙත නෙත් යොමා.....................

පින්න මල් පිපි නියර මැද්දේ

ගමේ සිප් හල වෙත එදා

නුබ වඩාගෙන මෙමා ගිය හැටි

අද වගෙ මතකයි සදා............................

පහේ ශිෂ්‍යත්වය සමත් වී

නගරේ විදු පියසක් කරා

අම්මා සහ නුබ සමග ගිය හැටි

තවම සිහිවෙනවා මෙදා.................................................

පෙලින් පෙල ඉහලට ගොහින් නුබ

කැලැන්ඩර දින පසු කලා

නුබේ සුවද  රැදි පොත් රාක්කය

සමග අප මෙහි තනිවුනා................................................

ඉඩ ලැබෙන එක දිනක මොහොතක්

ඇවිත් අපවෙත නෙත යොමා

බාලා පලයන් අපිත් ඉන්නවා

තවම නුබ අපේ ලොකු පුතා............

ගමේ යාම

ඉරටත් කලින් නැගිටලා

හරියට අම්මා වාගෙයි

කඩිනමින් යුහුසුළුව

දහසකුත් නීතී පනවා

තුන්වේලම සරිකරවා

6.50න් ගමට ගියාය

ආදරනීය

චූටී...............