සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 16, 2014

පිය සිතුවිල්ල

කොහේදෝ දුර ඈත රටකට

පියබලා ගොස් තටු සලා

මමයි අම්මයි මග බලන් ඇත

ඉදිරි දොරවෙත නෙත් යොමා.....................

පින්න මල් පිපි නියර මැද්දේ

ගමේ සිප් හල වෙත එදා

නුබ වඩාගෙන මෙමා ගිය හැටි

අද වගෙ මතකයි සදා............................

පහේ ශිෂ්‍යත්වය සමත් වී

නගරේ විදු පියසක් කරා

අම්මා සහ නුබ සමග ගිය හැටි

තවම සිහිවෙනවා මෙදා.................................................

පෙලින් පෙල ඉහලට ගොහින් නුබ

කැලැන්ඩර දින පසු කලා

නුබේ සුවද  රැදි පොත් රාක්කය

සමග අප මෙහි තනිවුනා................................................

ඉඩ ලැබෙන එක දිනක මොහොතක්

ඇවිත් අපවෙත නෙත යොමා

බාලා පලයන් අපිත් ඉන්නවා

තවම නුබ අපේ ලොකු පුතා............

1 comment:

  1. මේකට බ්ලොගර් ඨලෝවර් එක දාන්න.. අනික බ්ලෙගා් ආකයිව් එකත් ඕන..

    ReplyDelete