සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, May 13, 2018

දෙව්දත්ගේ මිනිස්සු



පටාචාරා ,
යන්න එපා දෙව්රමට 
බුදුන් වහන්සේ නෑ 
   එතන ..........
දෙව්දත්ගේ මිනිස්සු 
ඉන්නවා 
පොලු තියාගෙන 
          ගහන්න ...........

Thursday, May 3, 2018

කවියක රසය ඒ දුක රසවත් කරතේ .........

සිහි කොට මැකීගිය අපගේ අතීතය 
මතු කොට සිහි කරයි පත් ඉරු මුතු අකුර 
නුබ මා ඇවිද ගිය පටු මාවත් අතර 
තනි සිත සක්මනේ නුබ සමගින් නිබද .....

දරු දැරියන් සමග නුබ යනු ඇතැයි සිතයි
මා ගැන මතකයන් අවදිව බොදව යතැයි 
පෙර කී කථා කිමිදී සිත යටම කරන් 
සමුගත් දිනය තවමත් සිහිනයකි ඉතිං 


මල් විය ඉක්මිලා මැදිවිය පැමිණි ඇතේ 
දරු දැරියනුත් මල් විය වැට ලග හිදිතේ 
නුබ දුන් සොදුරු දුක මා සිත තවම තිබේ 
කවියක රසය ඒ දුක රසවත් කරතේ .........