සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, January 28, 2023

අයිතිය ඔබ හට තිබේ ද?

 

මගේ කව ඔබේ යැයි

ඔබ කියන හින්දා ම

සැබෑ දැයි ඒ වදන්

විමසුවා මගෙන් මම...


කැකුළු තූරුණු සුවඳ පතා

සිටවූ මල් පැළය පුරා

පිපි මල් වල සුවඳ ඔබෙද?

හිමිකරුවා ගස නොවේද?....


පීරා ගොස් සමුදුරු ගැබ

උදුරා ගත් මුතු අහුරක

අයිතිය ඔබ හට තිබේ ද?

මුතු බෙල්ලන් සතු නොවේ ද?......


සිත් පත්ලෙ ආදරෙන්

රැක ගත්ත සෙනෙහසින්

ලියූ කව මගේ මිස

ඔබෙ නොවේ කිසිකලෙක.....


නි ර් මා ණ  අ  යි ති ය

----මා ලා  මං ග ලි කා----- 





Friday, January 27, 2023


 හරි පුදුමයි අවුරුදු 27 ගිහිල්ලත් උන් එකතු වුනා එක දවසක සතුටු කදුළු මැද හිනැහෙන්නට එක්ව කතා කරන්නට ඒ අතීතය ගැන ,ආර්දනියයි ඒ හමුවීම .

2022  නොවම්බර් මාසේ 7වෙනිදා  









බාලවියේ සොඳුරු මතක

 


අහඹු ලෙසින්

කුවෙර වෙසින්

අතීතයෙන් එළියට පැන...

මහ වියතුන්

පොතේ ගුරුන්

අතර සමව

වැජඹී ගෙන...

උමතු වෙසින්

යස ඉසුරින්

රූ සිත්තම්

මවාපාන

බාලවියේ

සොඳුරු මතක

අතහැර ගිය

සබඳාණන......

වැලි කෙළියේ

සිහින අතර

සොඳුරු සුවඳ

තවරා ගෙන

කෝටු කකුල්

දත් අඩු කට

මතකයෙ ඇත

අඩු නැතුවම....

කොට කලිසම

පටි සපත්තු

දැනේ අදත්

ඊයේ මෙන

නුඹ පෙන්වන

ඉසුරු සිහින

නොපෙනේ මට

කිසි ලෙසකින.....

පැතූ සිහින

නුඹ ජයගෙන

ජයඝෝෂා

නංවන දින

නෑසූ ලෙස

මං ඉන්නම්

සොඳුරු මතක

සිහියට ගෙන......

නි ර් මා ණ  අ  යි ති ය

----මා ලා  මං ග ලි කා----- 

සදාතනික ප්‍රේමය

සදාතනික ප්‍රේමය ඔබ
සිහිනෙන් ගෑ සුවඳක් ඔබ
සිතුවිල්ලෙන් වෙලුණු සිතට
සැහැසි ලෙසින් එබෙන සබඳ,
සිහින ලොවේ සොඳුරු මතක
මහ පොළොවේ නැත කිසි කළ
මහ පොළොවේ සැබෑ රූප
සොඳුරු නොවේ සිහින අතර.
මතක සිහින තුළ වැජඹෙන
සොඳුරු සුවඳ සැමදාක ම
වදනින් ගිලිහෙන්න නොදී 
සිත පත්ලේ සුරකිමි මම
                                        
  නි ර් මා ණ  අ  යි ති ය
 ----මා ලා  මං ග ලි කා-----