ගිලන් හල ගෝකන්න පුර ගොස්
කොලොන්තොට එන මාවතේ
හඩන දුරකථනය නවත්වමි
වරකපොළ කඩ මායිමේ.......
අසා සුපුරුදු හඩක් පෙර දින
ඇමතුවා මතකෙට නැගේ
මගේ අම්මා නොකී රහසක්
පැවසුවා හද වැලපුණේ .........
ලොකු පුතා මගේ බුදු වෙයන්
මම පතනවා මගේ නංගියේ
කියූ වදනින් මාතු පෝෂක
ජාතකේ මා තනි වුනේ ..........
ගිගුම් සැර හඩ අකුණු නොවැදී
ගැලු අනෝරා සාගරේ
නුවර පාරම තෙමා දැමුවා
මගේ අම්මාගේ ආදරේ ............